Colombo Today Local News

අණ නොතකා පලායමින් සිටි වැලි ජාවාරම්කරුවන්ට හමුදාවෙන් වෙඩි

යාපනය චාවකච්චේරි පොලිස් වසමේ පාලාවි ප්‍රදේශයේ යුද හමුදා අණ නොතකා පලායමින් සිටි වැලි ජාවාරම්කරුවන් පිරිසකට යුදහමුදාව අද (22)දින අලුයම වෙඩිතැබීමක් සිදු කළ බව චාවකච්චේරි පොලීසිය පවසයි.

වැලි ජාවාරම්කරුවන් පාලාවි ප්‍රදේශයේ සිට වැලි පටවාගත් ට්‍රැක්ටරයකින් ගමන් කරන අවස්ථාවේදී යුදහමුදාව අදාල ට්‍රැක්ටරය නවත්වන ලෙසට අණ කළ ද ට්‍රැක්ටරය නොනවත්වා ධාවනය කිරීම නිසා වෙඩිතබා ඇත.

ට්‍රැක්ටර්යේ රෝදවලට වෙඩි වැදි ඇති අතර සැකකරුවන් තිදෙනකු ට්‍රැක්ටරය දමා පලා ගොස් ඇති අතර යුදහමුදාව බාරයට ගත් එම ට්‍රැක්ටරය චාවකච්චේරි පොලීසියට බාරදීමට පියවර ගත්තේය.

Related posts

සිරිමල්දෙනිය වත්තේ පුද්ගල ඝාතනයක්

colombotoday

සමෘද්ධිය අහිමි වූවන්ගේ අභියාචනා හා විරෝධතා ලක්ෂ 5 පනී

Admin

ශාසනාරක්ෂක සභාව දෙසැම්බර් 3 මඩකලපුවට

colombotoday

සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය ඉක්මවා යෑමේ අවදානමක්

colombotoday

” අඛණ්ඩව බොර තෙල් ආනයනය කිරීමට කටයුතු කරනවා “

colombotoday

තිසාවැව, නිරාවිය මුස්ලිම් පල්ලියේ මවුලවිවරයෙක් අත්අඩංගුවට

colombotoday