Colombo Today Local News

“මිලියන 1332ක් මහජන මුදල් කබ්රාල් මහත්තයා කාබාසිනියා කරලා තියෙනවා. ඇමරිකාවේ CIA කාරයාට දීලා.” | කබ්රාල්ට එරෙහිව පාලිත හිමි නඩු මගට

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමි අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

ඒ ඔහු රු. බිලියන 23 කට අධික ජනතා මුදල් අවභාවිත කර ඇතැයි, චෝදනා කරමිනි.

පාලිත හිමි මෙම නඩුව ගොනු කර ඇත්තේ, විනාශ කළ මහජන මුදල් අය කර ගැනීමට නීතිමය පියවර ගන්නා ලෙස සහ අපරාධ නුඩුවක් ගොනු කරන ලෙස නීතිපතිගෙන් ඉල්ලමිනි.

”මිලියන 1332ක් මහජන මුදල් කබ්රාල් මහත්තයා කාබාසිනියා කරලා තියෙනවා. ඇමරිකාවේ CIA කාරයාට දීලා. ඒ විතරක් සල්ලි ගත්ත සුබේරු කියන මනුස්සයා මේ වෙනකොට අවුරුදු 12 ක් හිරේ දාලා තියෙනවා. සල්ලි දීපු එකා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා මුදල් ඇමතිකමත් අරගෙන බොහෝ යහතින් වැජඹෙනවා..” තීනියාවල පාලිත හිමි

උන් වහන්සේ එහිදී පැවසුවේ, කබ්රාල් යනු දූෂණ වංචා සම්බන්ධයෙන් මීටත් වඩා හොඳ අතීතයක් ඇති පුද්ගලයෙකු බවයි.

තවද වංචා, දූෂණ පොදු දේපළ විනාශ කිරීම චෝදනාවලට සම්බන්ධ කබ්රාල් සහ පී.බී ජයසුන්දර රජයේ කසිදු තනතුරකට සම්බන්ධ කර නොගත යුතු බව සහ නීත්‍යනුකූලව දඩුවම් කළ යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.

Related posts

ඩයනාගේ පෙත්සමට දින දෙයි

Admin

පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කලොත් ලක්ෂයක් දඩ

colombotoday

රු‍. 6000සේ විස්කි බෝතලේ රු. 1500ට රේගුවේ

colombotoday

හම්බන්තොට චීනයට දුන් නිසා කොළඹ වරාය ඉන්දියාවට !

colombotoday

ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 3ක් විවර කෙරේ

colombotoday

කතාන්දර පොත් වල සගවා ගෙනා කෝටි 23 කොකේන් කටුනායක දී අල්ලයි

Admin