Colombo Today Local News

“මේ රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතනවලට දන ගහන ආණ්ඩුවක් නොවේ.. සම්බා සහල් මිල ඉදිරි දිනවල පාලනය කරනවා” – බන්දුල ගුණවර්ධන

කීරි සම්බා හ අනෙකුත් සම්බා මිල ඉහළ යෑම වැළැක්වීමට ඉදිරි දිනවල විසඳුමක් ලබා දෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසිය.

මෙය රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතනවලට දන ගහන ආණ්ඩුවක් නොවේ යැයි ද ඇමැතිවරයා කීය.

රජය සහල් මිල සැලකිය යුතු ලෙස පාලනය කර ඇතැයි කී ගුණවර්ධන මහතා සහල් තරගකාරී ලෙස මිලදී ගැනීම සාර්ථකව කර තිබෙන බවද සඳහන් කළේය.

පසුගිය ආණ්ඩුව විවිධ තර්ජන වලට බියෙන් වී මිලදී නොගත් බවත් වර්තමාන ආණ්ඩුව එවැනි තර්ජන වලට බිය නොවන බවත් ඔහු කීය.

සතොසට හා සමුපකාර දෙපාර්තමේන්තුවට අද සහල් සම්පූර්ණයෙන්ම සපයන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා නායකත්වය දෙන කෘෂිකර්ම අමාත්‍යාංශය යයිද වෙළෙඳ ඇමැතිවරයා පැවැසීය.

වෙළෙඳ ඇමැතිවරයා මෙසේ පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ(ස.ජ.බ) මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

මෙරටට ලබාගෙන ඇති රාජ්‍ය ණය ගැන විශේෂ විගණනයක්

colombotoday

වී මිලදී ගන්න මෝල් හිමියන්ට සහනයක්

Admin

පාර්ලිමේන්තු ජල පොකුණේ අපජලය දියවන්නා ඔයට

colombotoday

පෞද්ගලික ආයතවලින් ඡන්දයට නිවාඩු දෙන්නේ නැතිනම් අපිට කියන්න – කැෆේ කියයි

colombotoday

අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්න මන්නාරමේ දේශපාලකයෙක් බලපෑම් කළා….

colombotoday

ඩිසල් ලීටර් දහසක් සමග ගම්මුලාදෑනීගෙ මල්ලි පොලීසියට මාට්ටු

colombotoday