Colombo Today Local News

දංකොටුව පොලීසියට පුපුරන ද්‍රව්‍ය රැගෙනවිත් ප්‍රහාරයක් එල්ල කිරීමට පිරිසක් සැරසෙන බවට 119 අංකයට ඇමතු කතක් රිමාන්ඩ්

119 පොලිස් හදිසි ඇමතුම් අංකය ට ඇමතුමක් ලබා දී අසත්‍ය තොරතුරු ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

දංකොටුව පොලීසියට යම් පිරිසක් වාහනයකින් පුපුරන ද්‍රව්‍ය රැගෙනවිත් යම්කිසි අනර්ථයක් සිදුකිරීමට සුදානම්වන බව පවසමින් පෙරේදා (18) දිනයේ දී සවස 2.45 ට පමණ මෙම දුරකථන ඇමතුමක් ලැබී ඇති බව ඒ මහතා පැවසීය.

ඒ අනුව, දංකොටුව පොලීසිය විසින් සිදුකළ විශේෂ විමර්ශනයක දී අනාවරණය වී ඇත්තේ එම දුරකථන ඇමතුම ලබා දී ඇත්තේ දංකොටුව ප්‍රදේශයෙම පදිංචිව සිටි අවුරුදු 25ක් වයසැති කාන්තාවක් විසින් බවය.

ඇයගේ 28 හැවිරිදි සහෝදරියගේ ජංගම දුරකථනයෙන් එම ඇමතුම ලබාදී ඇති බවත් එම අස්‍ය තොරතුරු ලබාදී ඇත්තේ පොලීසිය මුළා කිරීමට බවත් අනාවරණය වී ඇත.

ඊයේ එම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ව මාරවිල අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඇමතුම ලබා දුන් සැකකාරිය ලබන 28වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අනෙක් කාන්තාව ඇප මත මුදා හැර තිබේ.

Related posts

විදේශ තානාපති නියෝජිතයින් අගමැති මහින්ද හමුවෙයි

colombotoday

තවුහිඩ් ප්‍රධානියා අබ්දුල් රාසික්. වහාම අත්අඩංගුවට ගන්න – ඥානසාර හිමි

colombotoday

ලොව පුරාම අර්බුධයක්… ඇතැම්විට බදු වැඩි කිරීමට සිදුවේවි – අගමැති

colombotoday

මහබැංකු මුදල් සංචිතය ඩොලර් මිලියන 500කින් අඩුවෙයි.. බැංකු ණය පොලී අනුපාතය ඉහළ යයි..

colombotoday

රුපියල් කෝටි හතරකට අධික රන් බිස්කට් අත්අඩංගුවට

colombotoday

“මෛත්‍රීගේ ප්‍රකාශය මටනම් පුදුමයක්.. පහුවෙලා හරි තේරුණානම් ලොකු දෙයක්“ – හිටපු ජනපති

colombotoday