Colombo Today Local News

කාදිනල්ගෙන් පාස්කු ප්‍රහාරය ගැන තවත් පරස්පර ප්‍රකාශයක් | පහර දුන්නේ ආගමික අන්තවාදය නොවෙයි ලු.

ඊයේ(19) බොරැල්ල සුසාන භුමියේ පැවති සැමරුම් උත්සවයකට සහබාගි වෙමින් මැල්කම් රංජිත් කාදිනල් තුමා මීට පෙර සිදුකල ප්‍රකාශවලට පරස්පර ප්‍රකාශයක් සිදුකර සිටියා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ,

“එදා අපේ මේ සොහොයුරන්ට පහර දුන්නේ ආගමික අන්තවාදය නොවෙයි. ඒ ආගමික අන්තවාදය පාවිච්චි කරමින් එය අතකොළුවක් කර ගනිමින් තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට වෙර දැරූ පිරිසක්. මේ සිදුවීම තුල අප දකින්නේ තමන්ගේ බලය තහවුරු කර ගැනීමට යම් යම් කණ්ඩායම් දරන උත්සාහයේ ප්‍රතිපලයක් හැටියටයි.”

කෙසේ වෙතත් ඉස්ලාමයේ එන සමහර ඉගැන්වීම් මූලික කර ගනිමින් ලොව පුරා ත්‍රස්ත කල්ලි සිය ගණනක් ක්‍රියාත්මක වෙමින් පවතී.

පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම් එම අන්තවාදී ඉගැන්වීම් පදනම් කරගෙන වසර 10-15 ක සිට ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වෙමින් සිටි පුද්ගලයෙකි.

Related posts

රුධිර ප්ලාස්මාව අපනයන කිරීමේ මගඩියක්…

colombotoday

“ප්‍රතිලාභ ලැබුවත් දක්ෂිණ අධිවේගය නඩත්තු කරගන්නවත් මේ රජයට බෑ” – නාමල්

colombotoday

5G සංඛ්‍යාත වෙන්දේසියක් මඟින් අලෙවි කිරීමට යෝජනා

colombotoday

ප්‍රබල ඇමති සොයුරා සමග එක්වී ලංකාවේ කුළුබඩු කීර්ති නාමය වනසයි… ආණ්ඩුව අස්සයා පැනගිය පසු ඉස්තාලය වසා දමයි…

colombotoday

පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට රිපීටර් ෂොට්ගන් ලබා දෙයි

Admin

මහරගම ගම්මාන තුනක් හුදකලා කරයි

colombotoday