World

පවතින අවදානම සලකා කොවිඩ් සමයේදී ගැබ් ගැනීමෙන් වළකින්නැයි බ්‍රසීල රජය එරට කාන්තාවන්ගෙන් ඉල්ලයි

පවතින අවදානම සලකා කොවිඩ් සමයේදී ගැබ් ගැනීමෙන් වළකින්නැයි බ්‍රසීල රජය එරට කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ගතවූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් මරණ වාර්තා වී තිබුණේ බ්‍රසීලයෙනි.

ඒ මරණ 3,070 ක් ලෙසය.

කොවිඩ් වසංගත සමයේදී ගැබ් ගැනීමෙන් වළකින ලෙස බ්‍රසීල රජය එරට කාන්තාවන්ගෙන් ඉල්ලා ඇත්තේ එවැනි පසුබිමක් තුළය.

රජය මෙම ඉල්ලීමකර ඇත්තේ එරටින් සුලබව හඳුනා ගැනෙන P1 නව ප්‍රභේදය, ගැබිනි කාන්තාවන්ට වැළදීමෙන් ඔවුන් අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ වැඩි අවදානමක් පැවතීම හේතුවෙනි.

මේ අතර ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 14 ඉක්මවා ගොස් තිබේ.

ගතවූ පැය 24 තුළ සිදුවූ මරණ 12,488ත් සමග වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ ගණන 30 ලක්ෂ 11 දහසකට අධිකය.

Related posts

බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12ක් ජීවිතක්ෂයට

Admin

විවිධ රටවලින් පැමිණි ඉස්ලාමික ත්‍රස්තයින් 55,000 ක් සිරියාවේ සහ ඉරාකයේ

colombotoday

සුන්නි – ෂියා විරසකය ඇවිළෙයි.. සෞදි අරාබිය ඉරානය සමග සියළු සබඳතා අත්හරී

colombotoday

කියුබාවට ජීවය දුන් ෆිදෙල් කස්ත්‍රෝ දිවියෙන් සමුගනී

colombotoday

පුද්ගලයින් 133දෙනෙකු රැගත් චීන ගුවන් යානයක් කඩා වැටේ

colombotoday

නවදිල්ලිය ඝන මීදුමකින් වැසෙයි

Admin