Colombo Today Local News

දිස්ත්‍රික්ක තුනක්ට නායයෑමේ අවදානමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑමේ අවදානම මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය පවසයි.

මහනුවර, කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්ක සඳහා එම නායයෑම් අවදානම මතුව ඇති බව වාර්තා වේ.

එම දිස්ත්‍රික්කවල කඳු සහ බැවුම් ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව වැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙයි.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර,මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

යහපාලන TOP 10 කම්බා හොරු එළිදකි

colombotoday

වැලිකඩ වෙඩිතැබීමක්

Admin

දකුණු කොරියානු යුද නැවක් වසර 6කට පසු කොළඹ වරායට සේන්දු වෙයි

Admin

මාදිවෙල නිවාස වෙනුවට පන්නිපිටිය වියත්පුර ව්‍යාපෘතින් මන්ත්‍රීවරුන්ට නිවාස

colombotoday

පාර්ලිමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන් 35ක් ගෙදර යයි

Admin

නිදහස් දිනයට සමගාමීව යුද හමුදා සාමාජිකයින්ගේ මෙහෙවර අගයමින් උසස්වීම් රැසක්

colombotoday