Colombo Today Local News

අධිකරණ ක්‍රියාවලි වෙත යොමු වී ඇති පක්ෂ 6ක ක්‍රියාකාරීත්වය තාවකාලිකව අක්‍රිය කිරීමට පියවර

පක්ෂ අභ්‍යන්තරයේ පවතින මත ගැටුම් හේතුවෙන් දැනට අධිකරණ ක්‍රියාවලි වෙත යොමු වී ඇති පක්ෂවල ක්‍රියාකාරීත්ව තාවකාලිකව අක්‍රිය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, එවැනි පක්ෂ 6ක් මේ වනවිට හඳුනාගෙන ඇති බවය.

එම පක්ෂවල ලේකම් ධුර, සභාපති ධුර ඇතුළු තනතුරු සඳහා පුද්ගලයින් කිහිප දෙනෙකු ඉදිරිපත් වීම හමුවේ නීතිමය ගැටලු මතු වී ඇති බැවින් එම පක්ෂ අදාළ ගැටලු විසඳා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වී තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ, එම අධිකරණ කටයුතු අවසන් වනතෙක් අදාළ පක්ෂ තාවකාලිකව අක්‍රිය කිරීමට තීරණය කර ඇති බවය.

ඒ අනුව අදාළ නීතිමය කටයුතු අවසන් වනතෙක් එම පක්ෂවලට මැතිවරණවලට ඉදිරිපත් වීමේ අවස්ථාව හිමි නොවන බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, අදාල පක්ෂවලට අගතියක් වන බැවින් එම පක්ෂවල නම් හෙළි කළ නොහැකි බවය.

Related posts

කොවිඩ් යලි හිස එසවීමේ අවදානමක්

colombotoday

දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට නොමිලයේ යුරියා

Admin

05 වෙනිදා රෑ ජන්ද පෙට්ටි වලට මොකද වෙන්නේ ?

colombotoday

නිර්පාක්ෂික අරගලයට 09වැනිදා ජවිපෙ සහ පෙරටුගාමී සහාය ඉල්ලයි

colombotoday

වැලිපැන්නේ මුස්ලිම් පල්ලිය අසල හිස් ඉඩමක බෝම්බ තුනක්…

colombotoday

කොරෝනා යැයි සැක තවත් පුද්ගලයෙක් IDH රෝහලෙන් පලා යයි

colombotoday