Colombo Today Local News

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිසන් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කරනු ලැබ තිබේ.
ඔහු පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ, එම විශේෂ පනත් කෙටුම්පත සම්මත වුවහොත් රටේ ජාතික ආරක්ෂාවට හා ආර්ථිකයට තර්ජනයක් වන බැවින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසය.

වරාය නගරය තුළ තිබෙන ඉඩම් පැවරීම, විකිණීමේ හා බදු දීමේ බලය එම පනත් කෙටුම්පත මගින් වෙනත් පාර්ශ්වයකට හිමිකර දීම මෙන්ම වරාය නගරය තුළ සේවය කරන අයගේ වීසා අනුමත කිරීමේ බලය ද වෙනත් පාර්ශ්වයකට හිමි කර දී ඇති බව පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ.

කපිල පෙරේරා මහතා තම පෙත්සමෙන් පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තුව සතු රටේ මුදල් පරිපාලනය කිරීමේ බලය වෙනත් පාර්ශ්වයකට ලබා දීම සහ විශේෂ බදු සහන වරප්‍රසාද හිමිකර දීම රටේ ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවට ද බලවත් තර්ජනයක් බවය.

Related posts

ලංවිම 2017 අලාභය කෝටි 4923 යි… 2016 අලාභයට සාපේක්ෂව 240%ක වැඩිවීමක්

colombotoday

අගමැතිට සුබ පතන්න විශේෂ පාර්ලිමේන්තු සැසියක් !

colombotoday

බෞද්ධ හින්දු එකමුතුව හදන්න ඉන්දීය විදේශ ඇමතිනිය සහ හින්දු සම්මේලනය අතර සාකච්ඡා

colombotoday

නාවික කදවුරු භූමියේ ඉඩම් ඉල්ලා මුලතිව් හී විරෝධතා !

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණයට නි. පොලිස්පති නාලක සිල්වා යළි රිමාන්ඩ්…

colombotoday

කන් අඩි පැළෙන්න හෝන් ගහන වාහන වලට දැඩි නීති !

colombotoday