Colombo Today Local News

අවුරුද්දට අඩු ආදායම් ලාභීන්ට ආණ්ඩුවෙන් 5000 ක දීමනාවක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභීන්ට සහ අඩු ආදායම්ලාභීන්ට සහන ලබා දීමට රජය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූලය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ, ඔවුන් සඳහා රුපියල් 5000 ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇති බවයි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මෙම දීමනාව ලබා දීමට කටයුතු කර තිබේ.

ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් හඳුනා ගත් පවුල් වෙනුවෙන් මෙම දීමනාව ලබා දීමේ වැඩපිළිවෙළ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා‌ගේ මැදිහත් වීම මත එම බලකාය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නංවන බව එම නිවේදනයේ දැක්වේ.

මුදල් අමාත්‍යාංශය පැවසුවේ, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර මෙම දීමනාව ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට පියවර ගන්නා ලෙස සමෘද්ධි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවය.

Related posts

වැල්ලම්පිටියේ ඉදිකරන නිවසක් තුළ මළ සිරුරක්

colombotoday

මරණ දඩුවම ලබා සිටින රැදවියන්ගේ වර්ජනය අවසන්

colombotoday

බුද්ධගයාවට බෝම්බ ගැසූ ත්‍රස්‌තයන්ට දඬුවම් අද

colombotoday

මාතරින් වැඩිම ඡන්ද ගත් බුද්ධිකට නොදෙන තැන සාගලට දෙන රහස…

colombotoday

“නළුවෙක් නෙවෙයි මොළයක්” කියපු රනිල්ට “අලයක් තරම්වත් මොළයක්” නැති බව ඔප්පු කරලා ඉවරයි – විමල්

colombotoday

ව්‍යවස්ථා මණ්ඩලය රැස්වෙයි… ව්‍යවස්ථා කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට

colombotoday