Colombo Today Local News

“බෞද්ධයෝ වෙනස් කමක් කලේ නෑ. වෙළදාමේ ආව මුස්ලිම්වරුන්ට ගෑනුත් දුන්නා.” යැයි කියමින් ත්‍රස්තවාදී හජ්ජුල් අක්බාර්ව නිදහස් කරන්නැයි ඉෂාක් රහුමාන් ඉල්ලයි.

ශ්‍රී ලංකාවට වෙළදාමේ පැමිණි මුස්ලිම් පුරුෂයින්ට සිංහල කාන්තාවන් විවාහ කරගැනීමට අවසර ලබා දුන්නේ එවක සිටි සිංහල රජවරු බවත් එයින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් පරම්පරාව ආරම්භ වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් අද(8) පාර්ලිමේන්තුවේ දී සඳහන් කර සිටියා.

අන්තවාදීන් මෙරට වැඩි වුනේ තමන් නියෝජනය කල පසුගිය යහපාලන රජය සමයේ දී බවත් හෙතෙම පැවසීය.

අදාරණීය බෞද්ධ ජනතාව තමන්ට කිසිම අවස්ථාවක මුස්ලිම් ලෙස වෙනස් කර සැලකුවේ නැති බවත් මන්ත්‍රීවරයා සංවේදී ප්‍රකාශයක් නිකුත් කරමින් වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත්, අපේ ජාතියේ ඉන්නවා ජාතිවාදීන් ඔවුන්ව රටෙන් තුරන් කරමු යැයි සඳහන් කරමින් දැනට අත්අඩංගුවේ පසුවෙන ත්‍රස්තවාදී ජමාතේ ඉස්ලාම් හිටපු නායක හජ්ජුල් අක්බාර්ව නිදහස් කරන ලෙස කතාව අවසන් කරමින් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළේය.

Related posts

වොක්ස්වැගන් කම්හල ජනවාරියේ පටන් ගන්නවාමයි

colombotoday

ජනපති, අගමැති, සම්බන්ධන්, හකීම්, බදියුදීන් නව ව්‍යවස්ථාව ගැන රහස් සාකච්ඡාවක !

colombotoday

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

Admin

වත්තල-මාබෝල නගර සභාවේ දේපල වලට අලාභහානි කර ලේකම්ගේ රාජකාරියට බාධා කළ නාගරික මන්ත්‍රි අල්ලයි

colombotoday

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයින්ගේ “අභද්‍ර වචන” වලට බොදු බල සේනා විරෝධය

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍යවරු ගිනස් පොතට l ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කරයි.

colombotoday