Colombo Today Local News

තරුණයෙක්ගේ ගිණුමට රුපියල් මිලියන 136ක් | මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රත්මලාන ප්‍රදේශයේ තරුණයෙක් ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රත්මලාන, ධර්මාරාම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අදාළ සැකකරු විසින් බැංකුවක පවත්වාගෙන යනු ලබන ගිණුමකට රුපියල් මිලියන 136ක මුදලක් ලැබී ඇති අතර, ඒ අනුව වැඩිදුර විමර්ශන සිදුකර තිබේ.

එහිදී මෙරටින් පළා ගොස් සිටින අපරාධකරුවෙකු ලෙස සැලකෙන ධර්මසිරි පෙරේරා නැමැත්තා විසින් එම මුදල් අදාළ සැකකරු වෙත එවා ඇතැයි තහවුරු වී ඇත.

මීට මාස කිහිපයකට පෙර යම් පුද්ගලයෙකුගේ ගිණුමට රුපියල් කෝටි 49ක මුදලක් ධර්මසිරි පෙරේරා නැමැත්තා විසින් එවා තිබු අතර, එම පුද්ගලයා ද මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම මුදලින් රුපියල් මිලියන 136ක මුදලක් ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ ගිණුමට බැර වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අද (08) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අදත් පැය 2 ක විදුලි කප්පාදුවක්

colombotoday

05 වැනි යුක්‍රේන කණ්ඩායමත් අද දිවයිනට

colombotoday

කුලියාපිටිය නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා ?

colombotoday

අබලන් ගොඩනැගිලි හා පරිශ්‍ර පිළිබඳ වහා පියවර ගන්නැයි පළාත් බලධාරින්ට උපදෙස්

Admin

මැකොට එරෙහිව උපවාසයක යෙදුණු ටී.එන්.ඒ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

ත්‍රස්තවාදය පරාජය කළ බව අද බොහෝ අයට අමතක වෙලා… කොටි සැකකරුවන් මුදා හැරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් !

colombotoday