Colombo Today Local News

පාර්ලිමේන්තුවෙන් එළියට විසි උණු රන්ජන්ගේ පුටුවට අජිත් ?

රන්ජන් රාමනායක මහතාගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ආසනය සඳහා හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ අජිත් මාන්නප්පෙරුම මහතා පත් කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.

මාන්නප්පෙරුම මහතා පදුගිය වසරේ පැවැති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපෙක්ෂක ලයිස්තුවේ රන්ජන් රාමනායක මහතාට පසුව ඊළගට වැඩි මනාප සංඛ්‍යාවක් ලබගත් අපෙක්ෂකයාය.

ඔහු එම මැතිවරණයෙන් ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 470212කි.

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රි ආසනය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවණ කොමෂන් සභාවට දැනුම් දී ඇති හෙයින් එම කොමිසමේ උපදෙස් මත ගම්පහ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරිවරයා විසින එම මන්ත්‍රී පුරප්පාඩුව සඳහා අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම ඉදිරිදිනවල යෝජනා කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

Related posts

ශ්‍රී ලාංකික විද්‍යාඥයින් පිරිසක් අලුත් සෞරග්‍රහ මණ්ඩලයක් සොයා ගනී…

colombotoday

22 හැවිරිදි මව මාස නවයේ බිළිදාට වස දී මව පැන ගිහින්

colombotoday

පොහොර මිටිය 350ට දියව් ! ගොවීන් ඇමති දුමින්දගේ නිවස වටලා උද්ඝෝෂණයේ

colombotoday

තමිලිනීගේ පොතෙන් මහරගම පිළිකා රෝහලේ දරුවන්ට බෙහෙත්

colombotoday

තව ස්වල්ප මොහොතකින් අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි

colombotoday

ශ්‍රීලනිප යේ කළුතර නායකයා එජාපයට එක්වෙයි

Admin