Colombo Today Local News

මහපාරේ කැපුම් තුවාල සහිත තරුණයෙකුගේ මළ සිරුරක්

ගල්කිස්ස පොලිස් වසමේ ගාලු පාරේ නිවසක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් හමු වී තිබේ.

කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු එම ස්ථානයේ වැටී සිටින බවට ලද පණිවිඩයක් මත ගල්කිස්ස පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් වු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය කළුබෝවිල මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) දින සිදුකිරීමට නියමිතය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මෛත්‍රී නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවයි

colombotoday

නව රේගු අධ්‍යක්ෂ ෂෙමාල් ප්‍රනාන්දු රණවිරුවන්ට එරෙහිව ඩයස්පෝරා කුමන්ත්‍රණ ඉටුකළ අයෙක්

colombotoday

කොන්ක්‍රීට් බැම්ම කඩා වැටී සිසුවිය මියයාමේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන්න කමිටුවක්

Admin

මාසයක් ඇතුළත රංජන් රාමනායකට නඩු පවරන්න. ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කරයි

colombotoday

අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Admin

නිදහසේ අවුරුදු කන්න නිදහස් රටක් තනා දී පෝරකය අභියස අද ඔහු සිරබත් කන්නේය !

colombotoday