Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාරයට ඉගිළෙන තහනම් පාර්සල්

වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය සහිත පාර්සල් කිහිපයක් සොයා ගෙන තිබේ.

පසුගිය 4 වනදා එම පාර්ලසල වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය තුළට විසිකර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එලෙස විසිකරන ලද පාර්සල් බන්ධනාගාරය තුළට වැටීම වැළැක්වීම සඳහා මීට පෙර සිට බන්ධනාගාරයට ඉහළින් දැල් ආවරණ යොදා ඇති අතර එම පාර්සලය දැල් ආවරණය මතට වැටී තිබියදී සොයාගෙන ඇත.

එම පාර්සලය තුළ තිබී ජංගම දුරකථන 09ක්, සිම්පත් 05ක්, දුරකථන බැටරි 14ක්, ජංගම දුරකථන චාජර් 08ක්, දුම්කොළ 10ක්, බුලත්කොළ 20ක් සොයාගෙන ඇත.

මේ අතර එම භාණ්ඩ අතර පුවක් කැබලි 20ක්, හුනු පැකට් එකක්, ඊයම් කොළ 04ක් සහ ගිනි පෙට්ටි 02ක් ද සොයගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර ඊයේ (05)දින රාත්‍රී 11.45ට පමණ තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 02ක් කාන්තා අංශයට ඉහළන් ඇති දැල් ආවරණය මත රැඳී තිබියදී හා තවත් එක් පාර්සලයක් ඒ අසල බිම වැටී තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ගෝඨා දරුණු නෑ, බයවෙන්න දෙයක් නෑ – බැසිල්

colombotoday

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 7කට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

සිරිමතීපාය යළි විවෘතවේ

colombotoday

ශාසනාරක්ෂක සභාව 7 නුගේගොඩට.. ඥාණසාර හිමිගෙන් විශේෂ ඉල්ලීමක් (Video)

colombotoday

අග්බෝ රජු තැනූ මුලතිව් කුරුඳුමලේ විහාරය පිළිසකර කිරීමට TNA එරෙහි වෙයි…

colombotoday

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අ​ද

Admin