Colombo Today Local News

රණවිරු දරුවන් 1800කට පාසල් දොර වැසේ

පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමේදී රණවිරු දරුවන්ට ලබාදී තිබූ විශේෂ අවස්‌ථාව කප්පාදු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති තීරණය හේතුවෙන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරු දරුවන් එක්‌දහස්‌ අටසියයකට පමණ පාසල්වලට ඇතුළත්වීමේ වරම් අහිමිවී ගොස්‌ තිබේ.

කලක සිට පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී පළමු වසරේ සෑම පංතියකටම යුද හමුදා සාමාජිකයන්ගේ දරුවන් තිදෙනකු, පොලිසියේ දෙදෙනකු, නාවික හා ගුවන් හමුදා දරුවන් එක්‌ අයකු බැගින් ඇතුළත් කර ගැනීමේ ප්‍රමුඛතාවක්‌ ලබාදී තිබිණි.

නව රජය බලයට පත්වීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යංශය මගින් එය යුද හමුදාවේ දරුවන් දෙදෙනකු නාවික, සහ ගුවන් හමුදා සාමාජිකයන්ගේ දරුවන් එක්‌ අයකු බැගින් මෙන්ම පොලිසියේ එක්‌ දරුවකු වන ලෙස කප්පාදු කර ඇත. මේ පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යංශ බලධාරීන් ඉකුත්දා අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්ඡා පවත්වා ඇතත් රණවිරු දරුවන් සම්බන්ධයෙන් තීරණයක්‌ ගැනීම අධ්‍යාපන බලධාරීන් ප්‍රතික්‍ෂේප කළ බව ආරක්‍ෂක අමාත්‍යංශයේ උසස්‌ නිලධාරියෙක්‌ සඳහන් කළේය.

-Divaina

Related posts

අතුරුදන් කාර්යාලය අතීතයටත් බලාත්මකයි.. රටත්, රණවිරුවනුත් පාවා දුන්නා – රටට වසන්කළ රහසක් හිටපු ඇමති විජේදාස හෙලිකරයි

colombotoday

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ට ජාත්‍යන්තර තනතුරක්

colombotoday

ගොවීන් වෙනුවෙන් භුමිතෙල් බවුසර් 87ක් නිකුත් කෙරේ..

Admin

ආණ්ඩුව බොරු කීම නීත්‍යානුකූල කළා

Admin

අමෙරිකාවට ගිය බැසිල් පැමිණෙයි

colombotoday

ජෙරම්ගේ පෙත්සම කැඳවීමට දින දෙයි

Admin