Colombo Today Local News

දිවයින පුරා නායයෑමේ අවදානම් සහිත ස්ථාන 147ක් – මහනුවර පාසල් 18කුත් ඒ අතර

ඉදිරියේදී ආරම්භ වන නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 18ක්ද ඇතුළුව දිවයින පුරා නායයෑමේ අවදානම් සහිත ස්ථාන 147ක් ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය විසින් හඳුනාගෙන ඇත.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව යටතේ ක්‍රියාත්මක නායයෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ස්ථාන හඳුනාගෙන තිබේ.

මෙලෙස නාය යන ස්ථාන මාර්ග ආශ්‍රිතව මෙන්ම මාර්ග ආශ්‍රිත නොවන ගම්මානවලද තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය සඳහන් කරයි. මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාන 12 ක්, මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන 19 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන 14 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන 03 ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 18 ක් ,රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 33 ක්, මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන 06 ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 19 ක්, කොළඹ දිස්ත්‍රික්කයේ එක් ස්ථානයක් සහ කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන 22 ක් නායයෑමේ අවදානම් ස්ථාන ලෙස හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන පවසයි.

නාය යෑමේ අවදානම් සහිත ස්ථාන අතර උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට බදුල්ල දක්වා තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය. මෙලෙස නායයෑම් අවදානම් ස්ථානවල බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් කීපයක්ද පවතින බව ඔහු පැවසුවේය.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව යටතේ ක්‍රියාත්මක නායයෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම අවදානම් ස්ථානවල නායයෑම් සිදු නොවීම සඳහා පියවර රැසක් ගෙන තිබෙන බවත්, ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක කාලගුණ අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් රැසක නායයෑම් අවදානම් තත්ත්වයෙන් මුදාගෙන තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය. මෙලෙස හඳුනාගෙන තිබෙන පාසල් අතර මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ පාසල් කීපයක්ද වේ.

Related posts

කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්නක්. ගින්න නිවීම සඳහා ගිනිනිවීම් රථ පිටත් කර හැරේ. – ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව (වීඩියෝ සහිතයි)

colombotoday

පුංචි ඡන්දයට එන්නේ මහින්දගේ පක්ෂයකින්ම පමණයි.. අම්පාරේ පුංචි මන්ත්‍රීන් තීන්දුවකට එයි

colombotoday

නෙළුම් කුලුන බලන්න ගිය ජනතාවගෙන් කෝටියක්

colombotoday

රනිල් එලවන සටන ඉවරයි.. ඔහුගේ කේන්දරය බලවත්… අපේ අවාසනාවද රටේ අවාසනාවද කියලා දන්නේ නැහැ

colombotoday

“යහපාලන ආණ්ඩුවේ හරක් පැටවූ එලි බැහැලා” – අජිත් පී පෙරේරාට එරෙහිව සමුර්ධි නිලධාරීන් උද්ඝෝෂනයේ

colombotoday

අරගල භුමියේ රාජ්‍ය විරෝධී කටයුතු සිදුකර NGO කල්ලි කෝටි ගණන් හම්බ කරයි.

colombotoday