සතුන් සඳහා වන ලොව පළමු කොවිඩ් එන්නත නිපදවීමට රුසියාව පියවර ගෙන තිබේ.
පසුගියදා ඊට රුසියාවේ රාජ්‍ය පශු වෛද්‍ය සේවයේ අනුමැතිය හිමිව ඇත. ලොව පුරා විවිධ සත්ත්ව විශේෂවලට කොවිඩ් ආසාදනය වීමේ සිදුවීම් වාර්තා වී තිබේ.
කෙසේ වෙතත් පර්යේෂකයින් පවසන්නේ මිනිසුන්ට රෝගය පැතිරවීමට සතුන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරන බවට දැනට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.