World

දකුණු කැලිෆෝනියාවේ කාර්යාල ගොඩනැගිල්ලක වෙඩි තැබීමක්

දකුණු කැලිෆෝනියාවේ කාර්යාල ගොඩනැගිල්ලක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් සිව් දෙනෙක් මියගොස් තිබෙන බව වාර්තා වේ.

මියගිය අය අතර කුඩා දරුවෙකු ද වන බව විදෙස් මාධ්‍ය පැවසීය.

සිද්ධිය සිදුවූ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමෙන් සැකකරු තුවාල ලබා ඇති අතර ඔහුව රෝහල්ගත කර තිබේ.

තත්ත්වය “පාලනය කළා,” යනුවෙන් බලධාරීන් පැවසීය.

මාර්තු මාසය තුළ අමෙරිකාවේ සිදුකළ සමූහ වෙඩි තැබීම් හේතුවෙන් විශාල පිරිසක් මියගොස් ඇති බව සඳහන් වේ.

මාර්තු 16 වනදා ඇට්ලන්ටා නගරයේ සිදුකළ සමූහ වෙඩි තැබීමකින් 8 දෙනෙක් මරණයට පත්විණි.

එසේම කොලරාඩෝ හි වෙළෙඳ සංකීර්ණයක් තුළ සිදුකළ වෙඩි තැබීමකින් 10 දෙනෙක් මරණයට පත්වූ බව වාර්තා වේ.

Related posts

අමෙරිකාව සහ දකුණු කොරියාව නව න්‍යෂ්ටික අවි ගිවිසුමකට අත්සන් තබයි

Admin

රුසියාව ඩීසල් සහ ගැසොලින් අපනයනයට පනවා ඇති බාධක ඉවත් කරයි

Admin

රුසියානු ජනතාව පූටීන් ඉහළින් ඔසවා තබයි.. පාර්ලිමේන්තු මැතිවරණයෙන් වාර්තාගත ජයක්

colombotoday

රුසියානු කාර්යමණ්ඩලය සහිත තවත් ගුවන් යානයක් කඩාවැටේ

colombotoday

සඳ මත ඉදිවෙන රුසියා යුරෝපා එක්සත් ජනපදය

colombotoday

ලංකාවට විණයක් වූ නීෂා බිස්වාල්, සැමන්තා පවර් ධුරවලින් ඉවතට

colombotoday