Colombo Today Local News

කොළඹ උඩින් යන රක්ත, හරිත, නීල සහ දම් දුම්රිය

කොළඹ නගරයේ කණු මතින් ඉදිවෙන නව දුම්රිය මාර්ග පද්ධතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කොළඹ නාගරික ආවරණය වන පරිදි පෞද්ගලික හා රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් ලෙස එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත අතර, දුම්රිය මාර්ග 4ක් එහිදි ඉදි කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

රක්ත, හරිත, නීල හා දම් ලෙස එම දුම්රිය මාර්ග නම් කර තිබේ.

කිලෝමීටර 42ක දිගින් යුතුව රක්ත දුම්රිය මාර්ගය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා ද , හරිත දුම්රිය මාර්ගය කිලෝ මීටර 28ක දිගින් යුතු අතර එය මොරටුවේ සිට නාරාහේන්පිට හරහා කැලණිය දක්වා ඉදිකිරීමට නියමිතය.

මේ අතර නීල දුම්රිය මාර්ගය කිලෝමීටර 23ක දිගින් යුතුව ඉදිකෙරෙන අතර එය කොට්ටාව සිට ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වා ධාවනය වේ.

සිව්වන දුම්රිය මාර්ගය වන දම් දුම්රිය මාර්ගය වරාය නගරයේ සිට බොරැල්ල හරහා අතුරුගිරිය දක්වා ඉදිකිරීමට නියමිතය.

Related posts

‘පැහැර ගැනීම සිදුවූ දවසේ මම හිටියේ රාජිතත් එක්ක’ – හිරුණිකා.. ‘මම එදා හිටියේ රට’ – රාජිත

colombotoday

කල්මුනේ වෙඩි හුවමාරුව සිදුවූ ස්ථානයේ පුද්ගල මල සිරුරු 15ක් හමුවෙයි

colombotoday

අමල් පෙරේරා බේරා ගැනීමට උදුල් ප්‍රේමරත්න ඉදිරිපත් වෙයි

colombotoday

සීතා කෝවිල හදන්න බෝධීන් වහන්සේ කපාදැමූ හිමිනමට මල්වත්තෙන් දැඩි දඩුවම්!

colombotoday

ජාතික ඖෂධ අධිකාරියේ පරිගණක දත්ත පද්ධතිය බිඳ වැටීම ගැන පරීක්ෂණ

colombotoday

“මන්ත්‍රීවරුන් හිර කරත් ජනතා මතය සිරගත කළ නොහැකියි.. වෙලාව එනකම් ඉන්න” හිටපු ජනපති

colombotoday