Colombo Today Local News

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙක් අල්ලස් නඩුවෙන් නිදොස් කොට නිදහස්

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ඒ.එම්.ඩී. නවාස් සහ විදුලි බල අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස් යන අයට එරෙහිව ගොනුකර තිබෙන අල්ලස් නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (30)දින නියෝග කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 189 වගන්තිය ප්‍රකාරව මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අධිකරණයට කරුණු දක්වමින් මෙම නඩුවේ විභාගය අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2020 වසරේ මැයි මස 15 වැනි දා තෙක් බලපැවැත්වෙන පරිදි තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවද සඳහන් කළේය.

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් සහ අභියාචනාධිකරණ විනිසුරු නවාස් යන මහත්වරු නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කළ අවධියේ ලංකා විදුලිබල පුද්ගලික සමාගමට ඉඩම් මිලදී ගැනීමේ දී සිදු වූ බව කියන අක්‍රමිකතාවකට සම්බන්ධ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට නඩු නොපවරා සිටීමට උපදෙස් ලබාදීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම ඔවුන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

Related posts

“මැයි පළමුවැනිදායින් පසු රටේ නව වෙනසක් කරනවා” – ජනපති

colombotoday

ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා සංචාරකයින්ට ලංකාවට ආරාධනා කරයි

Admin

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 17ක් අත්අඩංගුවට

Admin

වැලිකඩ වෙඩිතැබීමක්

Admin

ප්‍රියන්ත කුමාරගේ පවුලට රජයෙන් මුදල් ප්‍රදානයක්

colombotoday

“අවුරුදු සමයේ සාප්පු සවාරි යන්න එපා“ විශේෂඥ වෛද්‍යවරියකගෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday