දංකොටුව ප්රදේශයේ කළ වැටලීමකදී ප්රමිතියෙන් තොර බවට සැක කරන පොල් තෙල් අඩංගු බවුසර් 2ක් සොයා ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, අදාළ බවුසර්වල තිබී පොල් තෙල් ලීටර් 55,000ක් සොයා ගත් බවයි.
එම පොල් තෙල් ප්රමිතියෙන් තොර, ප්රතිඅපනයනයට දැනුම් දුන් පොල් තෙල්වලින් කොටසක් ද යන්න විමර්ශන ක්රියාත්මක බව පොලීසිය පැවසී ය.
පොලීසිය සඳහන් කළේ, ඒ පිළිබඳ ශ්රී ලංකා රේගුව සමග ඉදිරි විමර්ශන සිදුකරන බවයි.