Colombo Today Local News

අලුත් අවුරුදු සමයේ උත්සව සැනකෙලි තහනම්

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ දී අවුරුදු උත්සව, පොළ හා වසන්ත සැනකෙලි සඳහා අනුමැතිය ලබානොදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පමණක් නිවාසවලදී කිරීමට අනුමැතිය ලබාදෙන අතර ගමන් බිමන් සීමා කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටීමට අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ජනතාව අනවශ්‍ය පරිදි ගමන් බිමන් යාම පාලනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමටද අමාත්‍යාංශය සාකච්ඡා කර ඇත.

අවුරුදු සමයේ කොළඹ සිට ගම්බිම් කරා යන සියලුම පුද්ගලයන්ගේ තොරතුරු ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දීමට නියමිතය. ඇතැම් අවස්ථාවලදී ගම් මට්ටමින් එලෙස පැමිණෙන පුද්ගලයන්ගේ රැපිට් ඇන්ටිජන් පරීක්ෂණ හෝ පී.සී.ආර්. පරීක්ෂණද කිරීමට සැලසුම් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය දැනට සකස් කර ඇති මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ කොවිඩ් මර්දන කාර්ය සාධක බළකායට අද (29)දින ඉදිරිපත් කිරීමට නියමිතය. එහි දී කරන සංශෝධනද ඇතුළත්ව අවුරුදු සමය වෙනුවෙන් කොවිඩ් මාර්ගෝපදේශ මාලාව නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි.

Related posts

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමග තැන් දෙකකදී තිදෙනෙක් අල්ලයි !

colombotoday

හදපානාගල ගංජා හේනක් පොලිසිය වටලයි

colombotoday

නීතිපතිගේ ප්‍රකාශය මහජන ආරක්ෂක ඇමැතිගේ අවධානයට | අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසයි.

colombotoday

ජනපති – ආණ්ඩු පක්ෂ නායකින් කැඳවයි

colombotoday

ජනතාව වෙනුවෙන් වැඩකිරීම නිසා ඉල්ලා අස්වූ මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

colombotoday

UPDATE:කොස්ගම පිපිරීමෙන් 47ක් රෝහල්වලට – ආයුධ ප්‍රදේශය පුරා විසිරි ඇත

colombotoday