Colombo Today Local News

යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩු දෙකකින් ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක් ව නිදහස් කෙරේ

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩු දෙකකින් ඔවුන්ව නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26)දින නියම කළේය.

ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි 4ක පාඩුවක් සිදුකළේ යැයි ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලකර තිබුණි.

මෙම නඩු අද කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් මෙම නියෝගය කළේය.

කොළඹ මහාධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව ඔවුන්ව නිදහස් කරන බවද මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ඒ අනුව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන එරාජ් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අය නිදහස් කෙරුණි.

අල්ලස් කොමිසම ගොනුකළ නඩුවට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ කොළඹ මහාධිකරණය අල්ලස් කොමිසම විසින් අදාළ නඩු ගොනුකර තිබෙන ආකාරය නීතියට පටහැනි බවට තීන්දුකර තිබේ.

එම තීන්දුවට අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් එම විත්තිකරුවන් ව අද නිදහස් කරනු ලැබීය.

Related posts

ඇමති දිලාන් නැවතත් එජාපයට ප්‍රසිද්ධියේ බැණ වදී (Video)

colombotoday

ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළට… පළමු කිලෝමීටරයට රුපියල් 80ක්

colombotoday

“රත්නපුරේදී පොලිස්පති ‘සර්‘ කියා ඇමතුවේ ඉස්කෝලෙ සර් ටයි“ – කිරිඇල්ල

colombotoday

කොළඹට කුරියර් කරන්න ගිය ගෑස් සිලින්ඩර් 20 ක් පොලිස් භාරයට

colombotoday

සියලුම ආගමික සිද්ධස්ථානවලට නව මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

උපාධිධාරීන් 5000ක් රාජ්‍ය සේවයට බදවා ගැනී… කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday