Colombo Today Local News

පත්තරේ පළ උනාද බලා හොරකමේ යන ‘කපුටා’ කළ හෙළිදරව්ව

පසුගිය දා නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මංකොල්ලකෑම් සහ සොරකම් රැසකට සම්බන්ධ බව කියන ‘කපුටා’ යන අනුවර්ථන නාමයෙන් හඳුන්වන පුද්ගලයා එක් සොරකමක් සිදුකර පසුදින තමන් සිදුකළ සොරකම පුවත්පත් වල පළවී ඇද්දැයි දැනගැනීම පිණිස පුවපත් බැලීම පුරුද්දක් කරගෙන සිටි බව පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

නිට්ටඹුව පොලිසියේ අපරාධ අංශය විසින් සිදුකළ විමර්ශනයකින් පසුව මෙම පුද්ගලයා ඇතුළු දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් විය.

මෙම සැකකරුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරුවලට අනුව පාපැදි, රූපවාහිනි, තණ කොළ කපන මැෂින්, රත‍්‍රන් මාල, විදුලි තරාදි ඇතුළු උපකරණ රැසක් සොයාගෙන තිබේ.

සොරාගත් මුදල් හා දේපළ විකිණීමෙන් ලද මුදල්වලින් මොවුන් පෑලියගොඩ ප‍්‍රදේශයට ගොස් හෙරොයින් මිලදී ගෙන පානය කර ඇති බව පොලිසිය පවසයි.

Related posts

රන්ජන් රාමනායකට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ඉතිහාස ගත වන නඩුවක් වන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියයි

colombotoday

රනිල් පොරොන්දු වුන වැටුප් වැඩිකිරීම ගැන සමාලෝචනයක්

Admin

ඇමති දිලාන් නැවතත් එජාපයට ප්‍රසිද්ධියේ බැණ වදී (Video)

colombotoday

සමෘද්ධිලාභීන් රැකබලා ගන්නා බව සජිත් කියයි

colombotoday

කෝටියක ටින් මාළු තොගයක් විනාශ කරයි

Admin

නඩු විභාගවලින් තොරව මිනී මරණ CIA අලුත්ම බිල්ල හම්සා බින් ලාඩන්

colombotoday