Colombo Today Local News

කොළඹ කුණු කොන්ත්‍රාත් වලින් කෝටි 32ක පාඩුවක්

කොළඹ මහනගර සභාව කසළ එකතු කිරීම හා ප්‍රවාහනය සඳහා කොන්ත්‍රාත් ලබාදීමේදි නගර සභාවට කෝටි තිස්දෙකක පාඩුවක් සිදුකර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා පවසයි.

දැනට දිසා අංක 04හි කොන්ත්‍රාත්තු-ව සිදුකරනු ලබන්නේ මසකට රුපියල් කෝටි 1.18කට වන අතර නව කොන්ත්‍රාත්තුව ලබාදි තිබෙන්නේ කෝටි 1.97කට බවද ඒ අනුව වසරකට කෝටි 9.4ක් දැනට වඩා වැඩියෙන් නව කොන්ත්‍රාත්තුව සඳහා ගෙවිය යුතු බවද වීරකෝන් මහතා කියයි.

මේ ආකාරයට දිසා අංක 03 කොන්ත්‍රාත්තුව සඳහා වසරකට කෝටි 10.5ක්ද දිසා අංක 02 බී හි කෝටි 11.9ක්ද වැඩියෙන් ගෙවීමට නගර සභාවට සිදුවන බවද ඔහු සඳහන් කරයි.

ඉන්ධන මිල ඉහළ ගොස් නැත්නම්, සේවක වැටුප් ඉහළ ගොස් නැත්නම් මෙතරම් අධික මුදලක් ගෙවීමට සභාව ගත් තීරණය අනුමත නොකරන බවද ඔහු කියයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කළේ මන්ත්‍රීවරයා පෙන්වා දෙන තරම් ඉහළ ගෙවිමක් සිදුනොවන නමුත් වසර හතරකට පෙර කොන්ත්‍රාත්තුව ලබාදුන් මිලට දැන් කොන්ත්‍රාත්තු ලබාදිය නොහැකි බවය.

නව කොන්ත්‍රාත්කරුගෙන් සේවක ප්‍රමාණය වැඩියෙන් ඉල්ලා ඇති අතර නවීන තාක්ෂණක උපකරණ ඉල්ලා ඇති බවද සේනානායක මහත්මිය සඳහන් කළාය.

Related posts

ඉතාලියම නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි… ලාංකිකයන්ටත් එරටින් පිටවීම තහනම් කෙරේ !

colombotoday

IOC ඩීසල් පෙට්‍රල් මිල ඉහළ දමයි

colombotoday

තැපැල් සේවකයින් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

colombotoday

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බව ඔප්පු වුණොත් මට එරෙහිව පියවර ගන්න. | හිටපු ජනපති මෛත්‍රි කොමිසම හමුවේ කියයි.

colombotoday

Breaking News : ඥානසාර හිමියන්ගේ ඇප ඉල්ලීම නිෂ්ප්‍රභා කෙරේ

colombotoday

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී සිදුකල මගඩි රැසක් එලියට

colombotoday