Colombo Today Local News

අමරපුර මහා නා හිමිගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද නිදහස් චතුරශ්‍රයේදී..

අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද(25)දින පස්වරුවේ සිදු කෙරේ.

මහා නා හිමියන්ගේ ශ්‍රීදේහය මහජන ගෞරවය සඳහා අද පස්වරු 1.30 දක්වා ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබේ.

මේ අතර මහානාහිමි ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය යෙදෙන අද දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ආදාහන කමිටුවේ සාමාජික කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසුවේ, මහා නා හිමියන්ට කෙරෙන ගෞරවයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ සියලු සුරා සැල් හා මස් අලෙවි සැල් ද අද දිනයේ වසා තැබෙන බවයි.

ගල්කිස්ස ධර්මපාල විහාරස්ථානයෙන් ගමන් අරඹන ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර ගාලු පාර ඔස්සේ දෙහිවල, වැල්ලවත්ත හරහා පැමිණ බම්බලපිටිය වජිර පාරෙන් හැරී හැව්ලොක් පාරට පිවිස තුම්මුල්ල මංසන්ධිය, තර්ස්ටන් පාර ඔස්සේ නිදහස් වටරවුම හරහා පස්වරු 3.00 පමණ වනවිට නිදහස් චතුරස්‍රයට ළඟා වීමට සැලසුම් කර ඇත.

එම කාලසීමාව තුළ මාර්ග තදබදයක් ඇති වීම අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසීය ජනතාවට දැනුම් දෙයි.

Related posts

“ගෙදරක ප්‍රශ්න ඇති වුනාම එක පාරම “ඩිවෝස්” වෙන්නේ නෑ..” – අර්ජුන

colombotoday

ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයන්ට ඇඳිරි නිතිය

colombotoday

අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ධුරයට කබ්රාල්

colombotoday

උතුරේ දිස්ත්‍රික් හතරක හමුදා බාරයේ තිබූ තවත්අ ක්කර 900ක් මුදාහැරේ..

colombotoday

ජී.එල්.ගෙන් UN නියෝජිතයින්ට සහතිකයක්

colombotoday

ශ්‍රී ලංකාව ලෝක සංතුෂ්ඨි දර්ශකයේ ස්ථාන දෙකක් ඉදරියට

colombotoday