Colombo Today Local News

සිංහරාජ කැලෑව මුදුණේ වැව් හදන්නෑ. . ගිංඟගේ පහළ කොටසේ අක්කර පහක පොඩි ජලාශයක් හදන්නයි සැලසුමක් තියෙන්නේ.

සිංහරාජ කැලෑව මුදුණේ වැව් සාදන බවට පළවන වාර්තා අසත්‍ය බවත් එම කැලෑව මුදුනේ වැව් සැදීමේ කිසිදු සැලැස්මක් නැති බවත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දි අද (23)දින පැවැසීය.

නිල්වලා හා ගිංගගේ ගංවතුර ගැලීම් නිසා විශාල හානියක් සිදුවෙනවා. කළු ගඟේ, ගිංගඟේ හා නිල්වලා ගඟේ වතුර ඊසාන දිගට යෑමේ සැලැස්මක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වසර 90ක සිට තියෙනවා. කිසිම ආණ්ඩුවක් මේවා කළේ නැහැ.

ජල පිපාසයෙන් පීඩාවට පත් විශාල ජන කොටසක් ඉන්නවා.ඉතින් ඒ නිසා මේක කවද හරි කෙරෙන්න ඕනෑ. ගිංඟගේ පහළ ජනතාව පදිංචිව සිටින කොටසේ අක්කර පහක පොඩි ජලාශයක් හැදීමට සැලසුමක් තිබෙනවා. ඒක සැලැස්මක් විතරයි. අපි ඒ සැලැස්ම යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කළා. ඒ කටයුත්තෙන් යම් කිසි හානියක් සිදුවෙනවා ද බලන්න,අධ්‍යයනය කරල තීරණයක් දෙන්න. එහෙම නැති වුණොත් ගංවතුර වැළැක්වීමත් ජල පිපාසාවෙන් සිටින ජනතාවගේ ප්‍රශ්නයටත් විසඳුමක් නැති වෙනවා.

ගිං – නිල්වලා යෝජනා ක්‍රමයට අදාළව සිංහරාජයේ වැව් දෙකක් ඉදි කිරීම පිළිබඳ පසුගියදා අමාත්‍යවරයා කළ ප්‍රකාශය පහත දැක්වේ.

Related posts

කොරෝනා ආසාදිත පූජකයාගේ දේවමෙහෙයට ආ බැතිමතුන් සොයයි

colombotoday

LTTE යුද අපරාධ කළ බවට සාක්ෂි සහිතව පළමු නඩුව විභාග වෙයි

colombotoday

පොදු ප්‍රවාහන සේවා ඇරඹේ

colombotoday

“ඔන්න බබෝ අපි ආවෝ.. අත ලකුණෙන් අපි ආවෝ” – ශ්‍රීලනිප සමුළුවේ විස්මිත ගුවන් වීඩියෝව

colombotoday

ශ්‍රීලනිප 16 කණ්ඩායම අද විපක්ෂයට… විශේෂ ප්‍රකාශයකුත් සූදානම්

colombotoday

හෙට පාර්ලිමේන්තුව රැස් කරනවා… මම බහුතරය පෙන්වනවා…

colombotoday