Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අප්‍රේල් 06 වනදා යළිත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

එම ආයතනය පසුගිය පෙබරවාරි 11 වනදා කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී එහි නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමඟදී අත්හිටුවනු ලැබීය.

පසුව කෝප් කමිටුව විසින් ක්‍රිකට් ආයතනයට යළි පැමිණීමට මාසයක කාලයක් ලබාදෙන බව දන්වන ලදී.

කෝප් කමිටුව මාර්තු මාසයේදී, සහ අප්‍රේල් මාසයේදී රාජ්‍ය ආයතන හතක් (07) කමිටුව හමුවට කැඳවා තිබේ.

ඒ අනුව, හෙට (23)දින ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගම කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.

ලංකාවේ නව අපනයන සැකසුම් කලාප පිහිටුවීමේ ක්‍රියාවලිය ඇගයීම පිළිබඳ කාර්ය සාධන වාර්තාව එළඹෙන 24 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මාර්තු 26 වන දින කමිටුව විසින් විමර්ශනයට ලක් කිරීමට නියමිතව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයයි.

එයට අමතරව, අප්‍රේල් 07 වනදා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ අප්‍රේල් 20 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කමිටුව හමුවට කැඳවා ඇත.

පසුව අප්‍රේල් 23 වැනිදා කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව තුළ පසුගිය කාලය තුළදී සිදුවී තිබෙන අක්‍රමිකතා විමර්ශනය කිරීමට නියමිතය.

Related posts

වනිඳු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි

Admin

අන්තර්ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කම චතුරංග ලක්මාල්ට

colombotoday

අපි බලාපොරොත්තු අතහැර නැහැ – ඇන්ජලෝ මැතිව්ස්

colombotoday

දසුන් ශානකගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට ජය

colombotoday

2021විස්සයි විස්සේ ඕස්ට්‍රේලියාවට ලෝක ශූර කිරුළ

colombotoday

කැන්ඩි ටස්කර්ස් ඉවතට විසිවෙද්දී ඉදිරියට යන කණ්ඩායම් මෙන්න.

colombotoday