Colombo Today Local News

කතුන් තිදෙනෙක් කෙහෙවලු පටලාගෙන එක් කතක් මරු වැළඳ ගනී

කාන්තාවන් තිදෙනෙක් අතර ඇතිවූ ගැටුමකින් එක් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බව හැටන් දිඹුලපතන පොලිසිය පවසයි.

මෙසේ ජිවිතක්ෂයට පත්වී ඇත්තේ හැටන් කොටගල ෆොරස්ට් ක්‍රීක් වතු යායේ පදිංචි විශ්වනාදන් අම්මා නැමති කාන්තාවක්.

පහරදුන්නේ යැයි කියන කාන්තාවන් දෙදෙනා මව සහ දියණිය බවත් ජිවිතක්ෂයට පත් 42 හැවිරිදි කාන්තාව කොටගල ෆොරස්ට් ක්‍රීක් වතු යායේ එකම වතු නිවාස පේළියක පදිංචිකරුවන් බවත් සඳහන්ය.

අද (19)දින උදෑසන 11.30ට පමණ ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් සැකකාර මව සහ දියණිය විසින් මුගරකින් පහර දී විශ්වනාදන් අම්මා නැමති කාන්තාව ඝාතනය කර තිබේ.

සැකකාරිනියන් අත්අඩංගුවට ගත් බව දිඹුලපතන පොලිසිය සඳහන් කරයි.

Related posts

ඉන්දන පිරවුම්හල් අසල දිගු පෝලිම්. – හිඟයක් නැති බව ඇමති කියයි.

colombotoday

විවේචනය ගැන ජනපති කනස්සල්ලෙන්… සුජීව සේනසිංහ ඇමතිකමෙන් දොට්ට !!!

colombotoday

ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා යටතේ නඩු පවරයි !

colombotoday

ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීම අරඹයි

Admin

කුලියාපිටිය බිංගිරිය හා දුම්මලසූරිය නොසන්සුන්

colombotoday

අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් – ඥානසාර හිමි පාර්ලිමේන්තුවට

colombotoday