Colombo Today Local News

භූ ජලය සූරා ගන්නා ආයතන 500කට අධික ප්‍රමාණයක් ගැන අනාවරණයක්

බහුජාතික බීම සමාගම් කිහිපයක් ඇතුළු මෙරට ප්‍රධාන පෙ​ළේ ව්‍යාපාරික ආයතන, සමාගම් හා කර්මාන්ත ශාලා 500කට අධික ප්‍රමාණයක් නළ ළිං මගින් භූගත ජලය සූරා ගැනීමක් සම්බන්ධව තොරතුරු අනාවරණය වේ.

එවැනි ව්‍යාපාරික ආයතන පිළිබඳ කඩිනමින් සොයා බලා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම මෙරට සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලිඛිත නියෝගයක් කර ඇත.

ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාරගේ නිර්දේශ මත අමාත්‍යාංශ ලේකම්වරයා මෙම නියෝගය කර ඇති අතර මේ ආකාරයේ සමාගම් විසින් භූගත ජල ලීටර් ලක්ෂ ගණනක ප්‍රමාණයක් ව්‍යාපාර කටයුතු සඳහා ලබාගැනීමෙන් වන අහිතකර තත්ත්වයට පිළියම් සෙවීම මෙහි අරමුණ වී ඇත.

ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාරගෙන් ඊයේ (17) දින කළ විමසුමකදී ඔහු කියා සිටියේ මෙම ව්‍යාපාරික ස්ථාන නළ ළිං බලපත්‍ර සඳහා පමණක් මුදල් ගෙවා ඇති බවයි. එහෙත් කිසිඳු ගෙවීමකින් තොරව සූරාගැනීමකට ලක්කර ඇතැයි යනුවෙනි.

ඔවුන් ලබාගන්නා සෑම ජල ඝන මීටරයකටම මුදල් අයකිරීමට ක්‍රමවේදයක් සකස් කරන බවද නිවෙස්වල හා පොදු ස්ථානවල සවිකර ඇති නළ ළිංවලට මෙම ක්‍රමවේදය අදාළ නොවන බවද ඇමැතිවරයා කීවේය.

Related posts

ගලගොඩඅත්තේ හිමියන් බුද්ධි අංශයේ උපදේශක ධුරයකට ?

colombotoday

පොලිසිය සීරුවෙන් තබා අගමැති සමග ජනපති ඊයේ රෑ ගිය ගමන !

colombotoday

හක්මන 21 හැවිරිදි තරුණයාගේ ඝාතකයා අත්අඩංගුවට

Admin

පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ ඒකක 2ක් ස්ථාපිත කරයි

colombotoday

සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් ඇද වැටී දරුවෙක් රෝහලේ…

Admin

මහ නාහිමි ශ්‍රී දේහය අස්ගිරියට වැඩවමති.. අවසන් කටයුතු ඉරිදා

colombotoday