Colombo Today Local News

සහරාන්ට ත්‍රස්තයන් එවූ මහාචාර්ය ලුක්මාන් තාල්බ් ගැන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ඒකාබද්ධ විමර්ශනයක්

සහරාන් හෂීම්ට මාලදිවයින් ත්‍රස්තවාදීන් හඳුන්වා දී මෙරටට එවීමට කටයුතු කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු මහාචාර්යවරයා හා ඔහුගේ පුතුට එරෙහිව ඔස්ට්‍රේලියානු රජය හා එක්ව ඒකාබද්ධ විමර්ශනයක් ඇරැඹීමට ශ්‍රී ලංකා රජය පියවරගෙන තිබේ.

මෙම මහාචාර්යවරයා හා ඔහුගේ පුතු අන්තවාදීන් සමග ඇතිකරගත් සම්බන්ධතා පිළිබඳව නවතම තොරතුරු හුවමරු කරගනිමින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

අන්තවාදී සංවිධානවලට සහාය දැක්වී‍මේ චෝදනාව මත ඔස්ට්‍රේලියානු මහාචාර්ය ලුක්මාන් තාලිබ් කටාර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන පසුගිය සතියේ මුදාහැර තිබිණි.

ඔහුගේ පුතු ලුක්මාන් තාලිබ් අහමඩ් දැනට ඔස්ට්‍රේලියානු රජයේ අධීක්ෂණය යටතේ ඔස්ට්‍රේලියාවේ රැඳී සිටී.

මෙම දෙදෙනාගේ මෙහෙයවීමෙන් 2016 වසරේ සිට මාලදිවයින් ත්‍රස්තයන් සිව්දෙනකු මෙරටට අවස්ථා හතරකදී එවා ඇත. ඔවුන් සහරාන් හෂීම් සමග මහනුවරදී පුහුණුවීම් කර ඇතැයි හෙළිවී තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා රාජ්‍ය බුද්ධි සේවාව කළ විමර්ශන අනුව එලෙස පැමිණි මාලදිවයින් ත්‍රස්තයන් දෙදෙනකු අත්අඩංගුවේ පසුවේ. ඔස්ට්‍රේලියානු මහාචාර්යවරයා ඔහුගේ පුතාගේ මාලදිවයින් සම්බන්ධය මෙන්ම පාස්කු ප්‍රහාරයට දින පහකට පෙර සයින්දමරුදුවලදී යතුරුපැදි බෝම්බයක් පුපුරා ගිය භූමියේ තිබී ඔස්ට්‍රේලියානු දුරකථන සමාගම්වලට අයත් දුරකථන සිම්පත් දෙකක කොටස්ද විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබිණි.

මෙම දුරකථන සිම්පත් හා සහරාන්ගේ කණ්ඩායම් ගැන හෙළිවන තොරතුරු මත ඔස්ට්‍රේලියානු මහාචාර්යවරයා හා පුතු ගැන එරට ආරක්ෂක අංශ සමග එක්ව විමර්ශන අරඹා ඇත.

Related posts

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි

Admin

යාපනයේ හින්දු කෝවිලක් හා දේව රූප කඩා විනාශ කරයි

colombotoday

තවත් විදෙස් බැංකු 2කින් මෙරටට ඩොලර් බි. 7ක ණයක් ගනී

Admin

ශ්‍රී මහා බෝ මලුව අඩියක් ගහන්න ඉල්ලු, ඩබ්. ජයසිරි ජනපති අතින් සම්මාන ගැනීමට බෑ කියයි

colombotoday

ඩයනා ගමගේට ඇත්තේ බ්‍රිතාන්‍ය පාස්පෝර්ට් එකක් | ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කියයි.

colombotoday

රජයේ මුදල් පුද්ගලික බැංකුවල තැන්පත් කරන රජයේ තීරණයට බැංකු සංගම් විරෝධය

colombotoday