Colombo Today Sports News

කොදෙව්වන්ට කඩුලු 5ක ජයක්

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

ඒ, ඊයේ පැවති දෙවන එක්දින තරගයත් කොදෙව් කණ්ඩායම කඩුලු 5කින් ජය ගැනීමත් සමගිනි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 273 ක් ලබා ගත්තේය.

මෙම තරගාවලිය තුළ සාර්ථක පිතිකරුවෙකු ලෙස දස්කම් දක්වන ධනුෂ්ක ගුණතිලක පන්දු 96කදී ලකුණු 96ක් ලබා ගැනීමට සමත් විය.

ඊට හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 71ක් ලබා ගැනීමට සමත් විය.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා ක්‍රීඩා කළ වනිදු හසරංග ලකුණු 47ක් ලබා ගත්තේය.

ඊට හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් ඇතුළත් විය.

නායක දිමුත් කරුණාරත්න එක ලකුණකට දැවී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 192කි.

ශතකයක් ලබා ගත් එවින් ලුවිස් ලකුණු 103ක් ලබා ගැනීමට සමත් විය.

ෂායි හෝප් ලබාගත් ලකුණු ගණන 84කි.

ජයග්‍රහණය සඳහා කොදෙව් කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ලකුණු 9ක් ලබා ගැනීමට අවශ්‍ය වී තිබුණි.

අවසන් පන්දුවාරය නුවන් ප්‍රදීප් ක්‍රියාත්මක කළ අතර කොදෙව් පිතිකරුවන් 4වෙනි පන්දුවේදී ජයග්‍රාහී සීමාව පසු කළේය.

ඒ අනුව, පන්දුවාර 49යි පන්දු 4ක් තුළ ජයග්‍රහණය කරා ගමන් කළ කොදෙව් පිතිකරුවන් කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 274ක් ලබා ගත්තේය.

දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය හෙට(14)දින පැවැත්වීමට නියමිතය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනයට තාක්ෂණික උපදේශක කමිටුවක්

colombotoday

දඹුල්ල වයිකිංග්ට එරෙහිව කලම්බෝ කිංග්ස් කණ්ඩායමට කඩුලු 06ක ජයක්

colombotoday

හෙට තරගයේ ටිකට් සියල්ල විකිණී අවසන්.. දොරටුවෙන් ටිකට් නෑ

colombotoday

IPL හොඳම 11 දෙනා නම් කරයි… සංචිතයට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් නෑ

colombotoday

ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සිහිනය අවසන් – ඕස්ට්‍රේලියාවට ජය

Admin

පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ දුෂණ විරෝධී නීති උල්ලංඝනය කල උමාර් අක්මාල් පුනරුප්ථාපනයට යොමු කරයි.

colombotoday