Colombo Today Local News

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට

මහා පරිමාණ වී මෝල් හිමියන් අලුත් අවුරුදු සමයේදී සහ වෙසක් සමයේදී සහල් මිල ඉහළ දැමීමට කටයුතු කළහොත් එය පාලනය කිරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක තොගයක් ආනයනය කර රජයේ සංචිතයක් ලෙස පවත්වාගෙන යෑමට රජය තීරණය කර ඇත.

අප්‍රේල් මාසය මුලදී ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් මෙම සහල් තොගය ආනයනය කිරීමට නියමිතය.

සහල් මිල දිගින් දිගටම ඉහළ දැමීමට මහාපරිමාණ වී මෝල් හිමියන් කටයුතු කිරීම නිසා පාරිභෝගික ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින බව ඉකුත් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව ඇත.

මහ කන්නයේ වී අස්වනු අප්‍රේල් මස 05 වැනිදා වන විට නෙළා අවසන් වන බැවින්, ගොවි ජනතාවට අසාධාරණයක් නොවන පරිදි වෙළෙඳපොළේ සහල් මාෆියාව පාලනය කිරීම සඳහා කටයුතු කරන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී කැබිනට් මණ්ඩලයට පවසා තිබේ.

මේ නිසා රජය අප්‍රේල් මස 05 වැනිදායින් පසුව සහල් තොග ආනයනය කිරීමට කටයුතු යොදා ඇත.

සහල් තොග ආනයනය කර සංචිතයක් ලෙස පවත්වාගෙන යෑමට රජය කටයුතු කිරීමට නියමිත අතර, අලුත් අවුරුදු සමයේදී සහ වෙසක් සමයේදී සහල් මිල වැඩි කිරීමට මහා පරිමාණ වී මෝල් හිමියන් කටයුතු කළහොත් ආනයනික සහල් තොග වෙළෙඳපොළට නිදහස් කිරීමට නියමිතය.

මහා පරිමාණ වී මෝල් හිමියන් සහල් මිල තවදුරටත් ඉහළ දැමීමට විවිධ උපක්‍රම යොදමින් සිටින බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා සතොස සහ සමුපකාර සමිති හරහා සහල් කිලෝවක් රුපියල් 97 කට අලෙවි කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කියයි.

Related posts

යූරියා මිල අද සිට පහළ ට

Admin

අතුරුදන්වූවන් හොයන කාර්යාලය මේ වසරේ ඇරඹේ… අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කෙරේ !

colombotoday

අල්ලස් ගත්බව පැවසුවාට රාජිත හා චම්පික ඇවන්ගාඩ් නිශ්ශංකගෙන් පළි ගනියි

colombotoday

විශ්වවිද්‍යාල තුළට මත්ද්‍රව්‍ය පැමිණීම ගැන පරීක්ෂණ කරන්න – ජනපතිගෙන් ආරක්ෂක අංශයට උපදෙස්

Admin

විමල් ගුවන්තොටුපොළේදී හරවා එවයි. පාස්පෝර්ට් අවුලක්, මාව අත්අඩංගුවට ගන්න හදනවා – විමල් කියයි.

colombotoday

නිරෝධායන ඇඳිරි නීති කාල සීමාවේ සියලු සතොස විවෘතයි

colombotoday