Colombo Today Local News

දරුවන්ට අන්තවාදය ඉගැන්වූ හිස්බුල්ලාට යුරෝපයේ රටවල් 8ක සහය

මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ නීතිඥවරයකු වන හිජාස් හිස්බුල්ලා මහතා වැනි මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට ගරු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමින් යුරෝපීය රටවල් අටක මානව හිමිකම් තානාපතිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

නෙදර්ලන්තය, ජර්මනිය, එංගලන්තය ස්වීඩනය, එස්ටෝනියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග් සහ ෆින්ලන්තය යන රටවල්වල මානව හිමිකම් තානාපතිවරුන් මෙම නිවේදනය නිකුත් කර ඇත.

කීර්තිමත් නීතීඥවරයකු වන හිජාස් හිස්බුල්ලා මහතා 2020 අප්‍රේල් මාසයේ සිට දිගින් දිගටම සිරගත කර සිටීම පිළිබඳව කනස්සල්ලට පත්ව සිටින බවද එම තානාපතිවරු පවසති. මාස 10 ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව හිස්බුල්ලා මහතාට දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ වෙනත් නීති යටතේ කථනය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබීම කනගාටුවට කරුණක් බවද ඔවුහු පෙන්වා දෙති.

හිස්බුල්ලා මහතා ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ඇතුළු සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛයකු වන බවත් වෙනස් කොට සැලකීමේ ප්‍රතිපත්ති පිළිබඳ දැඩි විවේචකයක් බවත් සඳහන් කරන ඔව්හු, රටක මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ගේ කාර්යභාරය ඉතා වැදගත් බවත් ඔවුහු සඳහන් කරති.

මානව හිමිකම් ක්‍රියාකාරීන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට හිංසා සිදුවීම වැළැක්වීම සඳහා රජයන්ට විශේෂ වගකීමක් ඇතැයි ද පෙන්වා දෙන එම තානාපතිවරු, හිස්බුල්ලා මහතා වැනි මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට ගරු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීම සඳහා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිස සමග එක්වන බව ද ප්‍රකාශ කරති.

Related posts

හිටපු CID අධ්‍යක්ෂ ශානි සේවයෙන් පහ කෙරේ

colombotoday

අවස්ථානුකූලව නියෝග පැනවීමට සෞඛ්‍ය අධ්‍යක්ෂකට බලය ලබාදෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

⁣ටින්කරින් ලසන්ත පොලිස් වෙඩි පහරින් මියයාම : පොලීසිය තම සේවාදායකයා මරා දැමීමට සුදානම් බව නීතිඥවරයා කලින්ම කියලා.

colombotoday

සත පහක්වත් ආයෝජනය නොකර බිලියනයක වාර්ෂික ශුද්ධ ආදායමක්.. කරුංකා ජාවාරමෙන් බදියුදීන් ගරන හැටි මෙන්න

colombotoday

ෆොන්සේකා ත්‍රීවීලරයෙන් එද්දී තවත් පිරිසක් ට්‍රැක්ටර්වල නැග පාර්ලිමේන්තු එයි

colombotoday

ආපන ආපනශාලාවක වෙඩි තැබීමක් – හිමිකරු මරුට

Admin