Colombo Today Local News

මියන්මාර හමුදා ජුන්ටාවට ලංකාවෙන් යැවූ ලිපිය සමාජ මාධ්‍ය කළඹයි

බිම්ස්ටෙක් අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගි වන ලෙස මියන්මාර හමුදා ජුන්ටාවේ විදේශ අමාත්‍යවරයාට මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යවන ලද ලිපියක් හේතුවෙන් දැඩි කතාබහක් ඇතිව තිබේ.

ඒ අනුව අප්‍රේල් මස 1 වන දා කොළඹ දී ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන විදේශ ඇමතිවරුන්ගේ 17 වන රැස්වීමට සහභාගි වන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ අත්සනින් යුතුව මියන්මාර හමුදා ජුන්ටාවේ විදේශ අමාත්‍යවරයා වන වුන්නා මාවූන් ලාවුන්ට ආරාධනා කරමින් අදාළ ලිපිය යොමු කර ඇත්තේ පසුගිය 2 වන දායි.

මෙවැනි ලිපියක් යොමු කළ ශ්‍රී ලංකාව මියන්මාරයේ හමුදා පාලනය අනියමින් පිළිගෙන ඇති බවට මියන්මාර වැසියන් ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත මේ වන විට ප්‍රකාශ මුදාහැර තිබෙන බවයි වාර්තා වන්නේ.

‘ෂේම් ඔන් යූ ශ්‍රී ලංකා’ යනුවෙන් හෑෂ් ටැගයක් මගින් ඔවුන් ට්විටර් සමාජ මාධ්‍ය වෙත සිය විරෝධය පළ කරන ආකාරය මේ වන විටත් දැක ගත හැකියි.

Related posts

අඩු ආදායම්ලාභී ගොවිපවුල්වලට නොමිලේ යුරියා

colombotoday

නැව් සංස්ථාවට පොල්ලක් තියා, ‘ලංකා මහපොල‘ නැව විදෙස් වරායක අතහැර දමයි !

colombotoday

විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට විශ‍්‍රාමිකයින් කැඳවීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

තිරිඟු පිටි මිල යලිත් රු 40කින් වැඩිවෙයි

colombotoday

ගල්කිස්සේදී දුම්වැටි 14 000ක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

ඉතිහාසයේ ප්‍රථමවරට වැඩබලන ජනාධිපති ලේකම්වරියක්

Admin