Colombo Today Local News

පාස්කු ප්‍රහාරය – පස්දෙනෙකු ගැන විමර්ශන අරඹන්නැයි පොලිස්පතිට උපදෙස්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ 17 වන පරිච්ඡේදය යටතේ නම්කර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් කළයුතු බව නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම්දී තිබේ.

ඒම පිරිස වන්නේ’ අබු හින්ද්, ලුක්මාන් තාලිබ්, ලුක්මාන් තාලිබ් අහමඩ් හෙවත් අබු අබ්දුල්ලා, රිම්සාන් හා මහෙන්ද්‍රන් පුලස්තිනී හෙවත් සාරා ජස්මින් යන අයයි.

පාස්කු කොමිෂන් වාර්තාවේ ඇති සාක්ෂි අධ්‍යයනය කිරීම සඳහා නීති නිලධාරීන් 12 දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බව ද නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ වෙඩි තැබීම්වලින් 19ක් මියගිහින්

Admin

බිරදගේ අනියම් පෙම්වතා බොරලැස්ගමුවේදී ඝාතනය කරයි

Admin

සා.පෙළ ප්‍රතිඵල තවත් දින දෙකකින්

Admin

පනත පළාත්සභා අටක පැරදී තිබියදීත් ‘සුපිරි ඇමති‘ හොරෙන්ම වැඩ !

colombotoday

ඉන්දියාවට ඔළුව නවන්න බෑ කියා ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස් වෙයි!

colombotoday

ආගමික උම්මත්තවාදය පරාජය කිරීමේ වගකීම භික්ෂූන් වහන්සේලා අතට ගත යුතුයි. – ඥානසාර හිමි

colombotoday