කඩු, කිණිසි සහ එවැනි වෙනත් ආයුධ මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
ඊට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නීතිය අනුව කටයුතු කරන ලෙසද පොලිස්පතිට, නීතිපති විසින් දැන්වූ බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
නීතිපතිවරයා විසින් මෙම උපදෙස් දී ඇත්තේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමට අදාළවය.