Colombo Today Local News

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙයි

කිසියම් පිරිසක් විසින් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී සිටින කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට අද (09)දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදෙනු ලැබීය.

එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර විත්තිකාරියට භාරදීම සිදු කෙරුණි.

අනතුරුව විත්තිකාරිය පෙර ඇප මත මුදා හැරීමටත් අධිකරණය නියම කළේය.

අනතුරුව නඩුව ජුනි මස 4 වනදා කැඳවීමට ද නියම කෙරුණු අතර එදින විත්තිකාරිය අධිචෝදනා පත්‍ර කියවා දී නඩු විභාගය සඳහා දින නියම කිරීමට නියමිතය.

2019 වසරේ නොවැම්බර් මස 25 වනදා කොළඹ කුරුදුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකු විසින් තමන්ව පැහැරගෙන ගොස් ගිනිඅවි පෙන්වා තර්ජනය කර පැය කිහිපයක් රඳවා තබා රටින් පළා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවත් එම පුද්ගලයින් තමන්ට ලිංගික හිරිහැර කළ බවටත් ඇය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අසත්‍ය පැමිණිල්ලක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකාරියට එරෙහිව එම නඩුව ගොනුකර තිබුණි.

Related posts

‘දෙමළ කතාකරන අයගේ හිත රිදෙනවා.. බෞද්ධ විහාර එපා‘ – නැගෙනහිර සභාවට යෝජනාවක්

colombotoday

ශිෂ්‍යත්ව විභාගය හෙට

colombotoday

ශ්‍රී ලංකාව අනාගමික, ෆෙඩරල් රාජ්‍යයක් කළ යුතුමයි – ව්‍යවස්ථා සභාවේදී TNA නිල මතය කියයි (Video)

colombotoday

සංඝආඥාවක් නිකුත් කෙරේ… රට බෙදෙන 20 එපා… මහා සංඝරත්නය ඒකමතිකව තීරණය කරයි

colombotoday

ස.ජ.බ.ට සහය දැක්වූ මහජන නියෝජිතයින් 21 ක් යළි එජාපයට

colombotoday

සනත් නිශාන්තට එරෙහි නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත්වෙයි

Admin