Colombo Today Local News

විභාගය අවසන්වී යකා නැටුවොත් දැඩි දඩුවම්

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන්වීමෙන් පසුව සිසුන්ට සාමකාමීව විසිර යන ලෙස විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙයි.

එළඹෙන 10 වන දින සාමාන්‍ය පෙළ විභාගය අවසන්වීමට නියමිතය.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ විභාගය අවසන්වීමෙන් පසුව විභාග මධ්‍යස්ථානවලදී හෝ එම පරිශ්‍ර තුළදී කළහකාරී ලෙස හැසිරුණහොත් හෝ අනෙක් සිසුන්ට බාධාකාරී ලෙස හැසිරුණහොත් හෝ පොදු දේපළවලට අලාභහානි සිදු කළහොත් විභාග පනත යටතේ දැඩි දඬුවම් පමුණුවන බවය.

ඒ අනුව විභාග ප්‍රතිඵල අවලංගු කිරීමට ද කටයුතු කළ හැකි බව ඉන් අවධාරණය කරයි.

Related posts

අපි ජනපති ළඟට වෙලා කුමන්ත්‍රණ කරපු අය – මරික්කාර් කියයි

Admin

ඩීසල් රැගත් නෞකාවක් හෙට දිවයිනට!

colombotoday

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර තේ වත්තකින් හමු වෙයි

Admin

නොසිතූ මොහොතක ගතම අප්‍රාණික වුවත්, මනසින් නොවැටුණු දිරිය දියණියක්…

colombotoday

දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin

‘මේ රටට විනෝදාස්වාදය අවශ්‍යයි’

Admin