Colombo Today Local News

මෝටර් රථය ගසක හැපී මල්ලීගේ දෑස් ඉදිරිපිට අයියා දිවියෙන් සමු ගනී

අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සාගොස් ගසක හැපීමෙන් මෝටර් රථය පැදවූ 23 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබේ.

එම රිය අනතුර සිදුව ඇත්තේ බුත්තල පැල්වත්ත ප්‍රදේශයේදී ය.

ඉන් උසස් පෙළ හදාරන පාසල් සිසුවෙක් ඇතුළු තවත් අයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ පැල්වත්ත සිනී සමාගම පරිශ්‍රයේ ඇති මාර්ගයක ඊයේ (7)දින පස්වරුවේ දී සිදුවූ එම අනතුරින් පසිඳු විජේසේකර නම් එම තරුණයා ජීවිතක්ෂයට පත්විය.

මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර සිදු වන අවස්ථාවේ දී මෝටර් රථයේ පුද්ගලයන් තිදෙනකු ගමන්කර ඇත.

තුවාල ලැබූ පාසල් සිසුවා මියගිය පුද්ගලයාගේ බාල සොහොයුරා වේ.

Related posts

හෙට-අනිද්දා කාර්යාල දුම්රිය ගමන්වාර අවලංගුයි

colombotoday

විහිළු කතා නවතා දකුණේ උණ රෝගයට විසදුමක් දෙන්නැයි සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලයි

colombotoday

රිය අනතුරකින් මීගොඩ පොලිස් ස්ථානාධිපති රෝහලේ…

Admin

ගඩොල්බැද්දේ අතුරුමාර්ගයක සැක සහිත මළ සිරුරක්

colombotoday

ඥානසාර හිමි මල්වතු මහ නා හිමි සමග විශේෂ සාකච්චාවක්

colombotoday

යෝජනා සම්මත කළත් රනිල් අගමැති කරන්න බෑ

colombotoday