World

දකුණු අපි‍්‍රකා සහ චීන පොලිසිය ව්‍යාජ කොරෝනා එන්නත් නිපද වූ කම්හල් වටලයි

ව්‍යාජ කොරෝනා එන්නත් නිපද වූ කම්හලක් වැටලූ චීන පොලිසිය 3000කට අධික එන්තත් සොයාගෙන තිබේ.

මෙම ව්‍යාජ එන්නත් නිපදවූ පුද්ගලයින් 80 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙයට අමතරව දකුණු අපි‍්‍රකානු පොලිසිය ද ව්‍යාජ කොරෝනා එන්නත් 2400 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු අපි‍්‍රකානු පොලිසිය පැවසුවේ විදේශිකයන් පිරිසක් මෙම හොර එන්නත් අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බවයි.

ඉන්ටර්පෝල් පොලිසිය ලබාදුන් තොරතුරු මත දකුණු අපි‍්‍රකානු සහ චීන පොලිස් සේවාව ව්‍යාජ එන්නත් පිළිබඳ වැටලීම් සිදු කර තිබේ.

කිසිදු කොරෝනා මර්දන එන්නතක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි නොකරන බව ලොව ජනතාවට අනතුරු අඟවන ඉන්ටර්පෝල් පොලිසිය ජාත්‍යන්තර අපරාධ ජාලයක් මෙම ජාවාරමට සම්බන්ධ බව කියා සිටි.

Related posts

ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනය අභිබවයි

colombotoday

මෙක්සිකෝවේ මෙට්‍රෝ අධිවේගී මාර්ගයක් දුම්රිය මැදිරි දෙකක් සමග කඩා වැටෙයි

colombotoday

සඳට ගිය චන්ද්‍රයාන්-2 යානය අතුරුදන්. අගමැති මෝදි අභ්‍යවකාශ ප්‍රධානියා සනසයි

colombotoday

දින 6ක් තුළ බෝම්බ 6000ක් ගාසා තීරයට

Admin

පැය 24 ක් තුළ ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 812 ක්

colombotoday

ලොව පුරා Microsoft Teams සේවා බිඳ වැටීමක්

colombotoday