Colombo Today Local News

ජාතික ආරක්ෂාව බිදවැටී ඇති බව අන්තවාදීන් පිරිසක් කියනව – ජනපති

ජාතික ආරක්ෂාව බිදවැටී ඇතිබව පවසමින් අන්තවාදීන් පිරිසක් ආණ්ඩුව වෙනස් කිරීමට සිහින දකිමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එසේ වුවත් ජනතා ඡන්දයෙන් මිස කුමන්ත්‍රණවලින් ආණ්ඩුවක් නිර්මානය කිරීමට තමන් හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉඩ නොතබන බව ජනාධිපතිවරයා සදහන් කරයි.

යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති රාජ්‍ය නත්තල් උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී පළ කළ අදහස් කිහිපයක් පහත පරිදිය.

“ඒ අන්තවාදීන් කියනවා මේ රටේ නැවත එල්ටීටීඊය ඔළුව උස්සන්න අපේ ආණ්ඩුව ඉඩ දෙනවයි කියලා. මේ රටේ නැවත යුද්ධයක් ඇතිවෙන්න කිසිසේත් අපි ඉඩදෙන්නේ නෑ කියලා සහතික වෙනවා. මේ රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටිලයි කියන අය යුද්ධය ඇතිවීමට හේතු සෙවිය යුතුයි. මේ රටේ අන්තවාදීන්ට මම ආරාධනා කරනවා උතුරේ ජනතාව හමුවෙන්නයි කියලා. ඒගොල්ල සියලු දෙනාම එක හඬින් අත් උස්සලා ඒක කතාවක් කිවුවා. අපි අවුරුදු 25 කට කලින් හිටපු තැනට අපිව ගෙනිහින් දාන්න කියලා. ඒක නිසා මම කොළඹ ඉඳන් කෑගහන අන්තවාදීන්ට කියනවා, බොරුවට කෑගහන්නේ නැතුව ප්‍රශ්නේ තේරුම් ගන්න කියලා.පාර්ලිමේන්තු කුමන්ත්‍රණවලින් අලුතෙන් ආණ්ඩු හදන්න මමත් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයත් ඉඩ තියෙන්නේ නැහැ.”

 

Related posts

ලාංකික ශ්‍රමිකයින් නිරෝධායනයට තරු පන්තියේ හෝටල් 7ක්

colombotoday

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙක් හදුනා ගැනේ

colombotoday

බවුසරේක තෙල් තියෙන්නේ වාහන 400කට විතරයි

colombotoday

කථානායක කරුගෙන් තවත් විශේෂ නිවේදනයක්…

colombotoday

අක්ෂි රෝහලේ සැත්කම් යලි අරඹයි

Admin

අම්පිටියේ සුමනරතන හිමියන්ට ඇප.. උසාවි ගිහින් ඇවිත් කීව කතාව මෙන්න (Video)

colombotoday