Colombo Today Local News

බටහිර පර්යන්තයේ ආයෝජන ව්‍යාපෘතිය ගැන කැබිනට් තීරණය මවිතයට කරුණක් – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය

කොළඹ වරායේ බටහිර පර්යන්තය සඳහා අදානි සමාගම ඉදිරිපත් කළ ආයෝජන ව්‍යාපෘතියට කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී ඇතැයි කැබිනට් තීරණ දැනුම් දෙමින් රජය ඊයේ(2)දින කළ ප්‍රකාශය මවිතයට කරුණක් බව නිල රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග අද අවධාරණය කර තිබේ.

එම ආරංචි මාර්ග කියා සිටියේ, ශ්‍රී ලංකාවට අවශ්‍ය ආයෝජන තීරණය කරන්නේ ශ්‍රී ලංකා රජය මිස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නොවන බවයි.

බටහිර පර්යන්තය සඳහා අදානි පෝර්ට් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් සමාගම ඉදිරිපත් කළ යෝජනාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබුණු බව ඊයේ නිකුත් කළ කැබිනට් තීරණ දැනුම්දීමේ නිල නිවේදනයේ සඳහන් විය.

එහි දැක්වුණේ කැබිනට් මණ්ඩලය පත් කළ සාකච්ඡා කමිටුව ආයෝජකයින් ඉදිරිපත් කරන්නැයි ඉන්දියා හා ජපාන තානාපති කාර්යාලවලට දැනුම්දුන් නමුත් ජපානය යෝජනා ඉදිරිපත් නොකළ බවයි.

Related posts

කාබන් බද්ද අකුලා නොගත්තොත් බස් වර්ජනයක්…

colombotoday

ජපාන යුද නෞකා තුනක් කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

“අවම බලය පාවිච්චි කළ හැකියි.. ඒත් යාපනේදීනම් පොලීසිය වැරදයි“ – පොලිස්පති

colombotoday

රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් ගැටෙයි

colombotoday

ඇමතිකම ලැබේද ? රවී ගැන නීතිපති වාර්තාව අද!

colombotoday

ත්‍රිරෝද රථයක් සැඬ පහරකට හසු වී අයෙක් මරුට

colombotoday