Colombo Today Local News

ඒකාධිකාරී මාෆියාව හේතුවෙන් ඩිජිටල් ගුණාත්මක බවින් අන්තිම තැන ලංකාවට

රටවල් 85 ක් ඇසුරෙන් කරන ලද අන්තර්ජාතික සමීක්ෂණයකට අනුව, ඩිජිටල් ගුණාත්මකභාවයෙන් පහළ මට්ටමක රටක් ලෙස ශ්‍රී ලංකාව අවසන් ස්ථානය ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා පවසයි.

අන්තර්ජාල සේවා සපයන සමාගම් සිදුකරගෙන යනු ලබන ඒකාධිකාරී මාෆියාව හේතුවෙන් මෙම තත්වය උදා වී ඇතැයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සපයන අන්තර්ජාල පහසුකම්වලට ගුණාත්මක සේවාවක් ලබාදීම, පාරිභෝගික අදහස්වලට සවන්දීම පසෙකලා තම අන්තර්ජාල සමාගම්වලට අවශ්‍ය පරිදි පාරිභෝගිකයන් හැසිරවීමක් සිදුකරන බවද, මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිසි අවධානයක් යොමු නොකරන බවද ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලාංකික ප්‍රජාවට අන්තර්ජාල පහසුකම් සැපයීම ආයතන කිහිපයක ඒකාධිකාරයක් බවට පත් කරගැනීමට ඇතැම් ආයතන කටයුතු කර ඇති බවද ඒ මහතා පවසයි.

ශ්‍රී ලාංකික අන්තර්ජාල සේවා සපයන සමාගම් අන්තර්ජාල මූලධර්ම වලින් බැහැරව කටයුතුකිරීම හේතුවෙන් මේ තත්වය උදා වී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

නායයෑමෙන් අවහිර වූ හැටන් – කොළඹ මාර්ගය යථා තත්ත්වයට

Admin

ගජමුතු විකුණන්න ගිය 5ක් STF දැලේ…

Admin

ගාමිණී වලේබොඩගේ නිවසට රියදුරෙක් නොමැති ලොරි රථයක් කඩා වැදේ

Admin

විදුලිබල, ඛනිජතෙල් ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

Admin

ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 139කට කොරෝනා

colombotoday

ජිනීවා අවුලෙන් වමත් ඇවිලෙයි – කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සංවිධායකත් අස්වෙයි

colombotoday