Colombo Today Local News

කොරෝනා මෘතදේහ භූමදානයට හඳුනා ගත් ස්ථාන දෙකක් යෝජනා කරලා

කොරෝනා මෘතදේහ භූමදානය කිරීමේදී මන්නාරම හා අම්පාරේ කාත්තන්කුඩිහි හඳුනා ගත් ස්ථාන දෙකක් යෝජනා කර ඇතැයි කොවිඩ් මර්දන බළකායේ ජ්‍යෙෂ්ඨයකු අනාවරණය කළේය.

මේ අනුව ඉදිරි පැය හතළිස් අට ඇතුළත භූමදානය සම්බන්ධ මාර්ගෝපදේශ සහිත චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිත බවත් හෙතෙම අවධාරණය කළේය.

මේ අනුව ජල මට්ටම පහතින් ඇති ප්‍රදේශ හඳුනාගෙන ඇති අතර එහිදී මන්නාරම හා කාත්තන්කුඩි තෝරාගෙන ඇත.

මෙම හඳුනාගත් ප්‍රදේශවල ජල මට්ටම මීටර් 15 දක්වා පහළින් පිහිටා ඇතැයි හඳුනාගෙන තිබේ.

පෙරේදා (27)දින වනවිට කොවිඩ් මරණ 464 ක් මෙරටින් වාර්තා විය. ඒ අතරින් 120 දෙනකු මුස්ලිම් ජාතිකයන්ය.

Related posts

මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළට

Admin

මාතර බන්ධනාගරයටත් තහනම් පාර්සලයක් පියඹයි

colombotoday

භාණ්ඩාගාරයට බදු නොදුන් අයතන සේවකයන්ට නිවාඩු දීමනා ගෙවීම අත්හිටුවයි

Admin

ප්‍රබල ජනබලයක් ඉදිරියට ආවොත් මේ ආණ්ඩුවට ඇපත් නෑ – ලාල් කාන්ත

colombotoday

2026 විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට

Admin

වතු නිවාස පෙළක ගින්නක්

colombotoday