Colombo Today Local News

අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කරන්න දුන් වේවැල් පහරින් දැරිය මියයයි

අදෘශ්‍යමාන බලවේග ‌හේතුවෙන් ආබාධයට ලක්ව ඇතැයි කියමින් සිදුකළ ශාන්තිකර්මයක් අතරතුර 9 හැවිරිදි දැරියක් මියගොස් තිබේ.

මීගහවත්ත ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තාවන අතර අදාළ ශාන්තිකර්මය සිදුකළ කාන්තාවක් මීගහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ දැරිවියගේ පවුලේ අය අදෘශ්‍යමාන බලවේග ‌හේතුවෙන් ආබාධයට ලක්ව ඇතැයි කියමින් ශාන්ති කර්මයක් සිදුකරගැනීමට ගොස් ඇති අතර ශාන්ති කර්මය අතරතුර තෙල් සත්කාරයක් සිදුකර තිබේ.

පසුව ශාන්තිකර්මය සිදුකළ කාන්තාව විසින් ඇයට වේවැලකින් පහර දී තිබේ. එම අවස්ථාවේදී දැරිවිය සිහසුන් වී ඇති අතර පසුව දැරිවිය බියගම රෝහලට ඇතුළත් කර ඇත.

ඒ වන විටත් දැරිවිය මියගොස් තිබූ බවයි පැවසෙන්නේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

සෑම මැතිවරණ කොට්ඨාශයකටම නිවාස ඒකක 100කින් යුත් නිවාස සංකීර්ණයක්

colombotoday

බයිපාස් කළ ඇමති රාජිත ආපසු එයි

colombotoday

අවසරයකින් තොරව විදේස් මුදල් විකිණීම තහනම් කරයි

colombotoday

නිවාස මංකොල්ලකෑ හයක් අත්අඩංගුවට

colombotoday

මහ රැ ගෙදරටම ඇවිදින් චම්පිකට මාංචු දැම්මේ ඇයි? රියැදුරා චූදිතයා කළ පොලිසිය ‘ආලවක’ වූ උපාසක දේශපාලනය..

colombotoday

බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම අද

colombotoday