Colombo Today Local News

කහටගස්දිගිලිය අඩවි වන කාර්යාලයේ වන ව්‍යාප්ති නිලධාරීයෙක් අල්ලස් දැලේ

දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම සදහා පුද්ගලයෙකුගෙන් රුපියල් 50,000ක අල්ලසක් ලබා ගත් බව කියන වන ව්‍යාප්ති නිලධාරියකු අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් විසින් ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගලෙන්බිදුණුවැව ප්‍රද්ශයේ පදිංචි පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලක් අනුව එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය අඩවි වන නිලධාරී කාර්යාලයට අනියුත්තව සේවය කළ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පදිංචි වන ව්‍යාප්ති නිලධාරියෙකි.

කැකිරාව පාර ගලෙන්බිදුණුවැව ලිපිනයේ පදිංචි පුද්ගලයකුගේ ඉරණ ලද දැව තොගයක් ප්‍රවාහනය සදහා අදාළ නිලධාරියා අල්ලස් මුදලක් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් 30,000ක් කලින් ලබා ගෙන ඉතිරි මුදල ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පිහිටි අදාළ නිලධාරියාගේ නිවසේදී ලබා ගන්නා අවස්ථාවේ දී එම වන ව්‍යාප්ති නිලධාරීවරයා අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් එම නිලධාරියා ඊයේ (24)දින රාත්‍රියේම ඉදිරි නීතිමය කටයුතු සදහා කහටගස්දිගිලිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමට අල්ලස් හා දූෂණ විමර්ශණ නිලධාරීන් පියවර ගෙන තිබේ.

Related posts

අවුරුදු 200කට කලින් මම වන්නි හත්පත්තුවෙන් පැනලා ගියා – අගමැති රනිල් වික්‍රමසිංහ

colombotoday

සමෘද්ධී බැංකුව, මහබැංකුව යටතට පැවරීම නීති විරෝධීයි… අගමැතිට බලයක් නෑ…

colombotoday

මිරිහාන දී බස් 2කට ගිනිතැබූ අය සොයන්න CIDය මහජන සහය පතයි

colombotoday

හමුදාවට අපහාස කළ මහඇමතිට කන්න බොන්න දීල නලවනව.. දැක්කම දුකයි, සිංහල ජාතියම පාවා දීල ඉවරයි

colombotoday

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලමට

Admin

බවුසරේක තෙල් තියෙන්නේ වාහන 400කට විතරයි

colombotoday