Colombo Today Local News

Tik Tok හරහා LTTEය ප්‍රවර්ධනය කළ අයෙක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ LTTE සංවිධානය පිළිබඳ සහ ප්‍රභාකරන්ගේ ඡායාරූප ඇතුළත් විවිධ කරුණු පළ කිරීම සම්බන්ධයෙන් වත්තල ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් 25 හැවිරිදි සැකකරුව අත්අඩංගුවටගෙන ඇත.

අදාළ සැකකරු විසින් ටික්ටොක් නැමැති මාධ්‍ය හරහා LTTE සංවිධානය ප්‍රවර්ධනය කරන ප්‍රවෘත්ති පළකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකරුගේ මුල් පදිංචිය මුලතිව් බවත් පසුව හැටන් ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවත් අනාවරණය වී තිබේ.

ඔහුගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී විවිධ ආකාරයේ ත්‍රස්ත ක්‍රියා වර්ධනය කරන ප්‍රවෘත්ති ඔහු විසින් නිර්මාණය කරඇති බවට ද තොරතුරු හෙළිවී ඇත.

Related posts

වල්සපුගල ‌ගොවීන්ගේ සත්‍යග්‍රහය අඛණ්ඩව

colombotoday

මරණ දඩුවම දෙන දිනය දැනටමත් තීරණය කර අවසන් – ජනපති

colombotoday

ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියේ සැගවුණු අරමුණු – වෛද්‍ය වසන්ත බන්ඩාර

colombotoday

ගෝඨාභය අගමැති කිරීමට ජනපති මෛත්‍රී සූදානම්….

colombotoday

කොළඹ – නුවර අධිවේගයේ සැළසුම වෙනස් වෙයි.. වැයවන මුදලත් ඉහළට

colombotoday

කොරෝනා ආසාදිත ප්‍රථම ලාංකිකයා ඉතාලියෙන්

colombotoday