Colombo Today Local News

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විනිසුරු රත්නප්‍රිය ඉල්ලා අස්වෙයි

දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ කොමිෂන් සභාව විසින් පසුගියදා බාර දුන් වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිමට සහ ඊට අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයකු ඉල්ලා අස්වී තිබේ.

මෙලෙස ඉල්ලා අස් වී ඇත්තේ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කර සිටි අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතාය.

මෙම ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්වන කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම්.සෝභිත රාජකරුණා මහතා පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ද මේවනවිට රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.

මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයාකාර ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන මහතාද , ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයාකාර ඛේමා කුමුදිනි වික්‍රමසිංහ මහත්මිය එහි සාමාජිකු ලෙස කටයුතු කරනු ලබයි.

Related posts

අලුත් මුහුණු හතරකට ආණ්ඩු පක්ෂයේ තනතුරු

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට නොගන්නැයි අධිකරණය තීන්දු කරයි !

colombotoday

නිවසක සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අල්ලයි

Admin

කොවිඩ් කමිටුවෙන් තවත් වෛද්‍යවරයෙක් ඉවත්ව යයි

colombotoday

ලංකාවේ පළමු සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කරන්න යයි !

colombotoday

චීනය ණය දීම අත්හිටුවයි.. මධ්‍යම අධිවේගයේ වැඩ මග නවතී !

colombotoday